YouVersion Logo
Search Icon

නික්මයාම 4:14-16

නික්මයාම 4:14-16 SCV

එවිට ස්වාමින්වහන්සේගේ කෝපය, මෝසෙස්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කරමින්, “ලෙවී වංශික ඔබේ සහෝදර ආරොන් ගැන කෙසේ ද? ඔහු චතුර ලෙස කතා කරන වග මම දනිමි. ඔහු දැනටමත් ඔබ හමුවට එමින් සිටියි. ඔබ දකින කල, ඔහුගේ හද පිනා යනු ඇත. ඔබ ඔහු අමතා, ඔහුගේ මුවට වචන දිය යුතු ය. මම ඔබ දෙදෙනාට කතාවට උපකාර කරමින්, කළ යුතු දෑ කියා දෙන්නෙමි. ඔබ වෙනුවට ඔහු ජනතාවට කතා කරනු ඇත. එය හරියට ඔහු, ඔබගේ මුඛය වීම ද ඔබ, ඔහුගේ දෙවියන්වහන්සේ මෙන් වීම ද වැනි ය.