YouVersion Logo
Search Icon

නික්මයාම 31:12-18

නික්මයාම 31:12-18 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනයා අමතා මෙසේ කියන්න: ‘නුඹලා මගේ සබත් පැවැත් විය යුතුයි. නුඹලා ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නා පිණිස, පරපුරින් පරපුරට මාත්, නුඹලාත් අතරේ වන සලකුණ එයයි. “ ‘එබැවින් ඔබ සබත් දවස පැවැත් විය යුතු ය; එය ඔබට ශුද්ධ ය. එය කෙලෙසන කවරකු වුව, මරණයට පත් කළ යුතුයි. ඒ දවසේ වැඩ කරන කවරකු වුව ඔහුගේ ජනයා වෙතින් සිඳ දැමිය යුතු ය. හය දවසක් වැඩ කළ හැකි ය. එහෙත්, හත් වන දවස විවේකයේ සබත් දවසයි. එය ස්වාමින්වහන්සේට ශුද්ධ ය. සබත් දවසේ වැඩ කරන කවරකු වුව මරනු ලැබිය යුතු ය. ඉශ්‍රායෙල් ජනතාව පරම්පරාවෙන් පරම්පරාවට සබත් පවත්වමින්, නිරන්තර ගිවිසුමක් ව, සබත් රක්ෂා කළ යුතු ය. එය මාත්, ඉශ්‍රායෙල් ජනයාත් අතර සදාතනික ලකුණකි. මන්ද දවස් හයක් තුළ අහස් හා පොළොව මැවූ ස්වාමින්වහන්සේ හත් වන දවසේ විවේක ගෙන, ප්‍රබෝධවත් වූ සේකැ’ යි” පැවසූ සේක. උන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කතා කොට නිම වූ පසු, දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන සාක්ෂි ගල්ලෑලි දෙක මෝසෙස්ට දුන් සේක.

Free Reading Plans and Devotionals related to නික්මයාම 31:12-18