නික්මයාම 31:1-7
නික්මයාම 31:1-7 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙන්න, මම යූදා ගෝත්‍ර වංශයේ හූර්ගේ පුත්‍ර, ඌරීගේ පුත් බෙසලෙල්ගේ නම කියා ඔහු තෝරා ගත්තෙමි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් ද සියලු ආකාර ශිල්පීය නිපුණත්වයෙන්, හැකියාවෙන් හා අවබෝධයෙන් ද මම ඔහු පූර්ණ කළෙමි. එසේ කළේ රනින්, රිදීයෙන් හා ලෝකඩින් ශිල්පීය නිර්මාණකරණය පිණිසත්, මැණික් කැපීම හා එබ්බවීම ද ලී කැටයම් වැඩ ද සියලු ශිල්පීයකරණ සඳහාත් ය. තවද, ඔහුට සහාය වන පිණිස, මම දාන් ගෝත්‍ර වංශයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ් පත් කළෙමි.” තවද, සියලු කර්මාන්ත ශිල්පීනට, මා මනා නිපුණත්වය දුන්නේ, මා ඔබට අණ කළ සියලු දෑ සාදන පිණිස ය: “ඒවා නම්, හමුවීමේ කූඩාරම, සාක්ෂි කරඬුව හා ඒ මත කරුණාසනය, කූඩාරම තුළ බඩු භාණ්ඩ වන





