නික්මයාම 16:1-3
නික්මයාම 16:1-3 SCV
මුළු ඉශ්‍රායෙල් ජන සමූහයා ඒලිම් වෙතින් පිටත් ව, ඔවුන් ඊජිප්තු දේශයෙන් නික්මුණු පසු දෙවන මස පහළොස් වන දවසේ, සීන් කාන්තාරයට පැමිණියහ. එය පිහිටියේ ඒලිම් හා සීනයි අතර ය. ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා කාන්තාරයේදී මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව මැසිවිලි නගන්නට වන්හ. ඉශ්‍රායෙල්වරු ඔවුනට දොස් පවරමින්, “ඊජිප්තුවේදී ස්වාමින්වහන්සේ අතින් අප මැරුණා නම් හොඳයි! එහිදී අප මස් බඳුන් වටේට හිඳ, අප ආශා කළ කෑම, බඩ-කට පුරා කෑවා. එහෙත් දැන් මේ මුළු සමූහයා සාගින්නෙන් මරා දමන්නට නුඹලා මේ කාන්තාරයට අප ගෙනැවිල්ලා” යි කීහ.





