නික්මයාම 13:17-18
නික්මයාම 13:17-18 SCV
පාරාවෝ ජනතාවට යන්නට ඉඩ හළ පසු, පිලිස්තිවරුන්ගේ දේශය හරහා දිවෙන මාර්ගය කිට්ටු වූ නමුදු, දෙවියන්වහන්සේ එමඟින් ඔවුන් කැඳවාගෙන ගියේ නැත. මන්ද, “යුද්ධයට මුහුණ පෑවහොත් ඔවුන් තම සිත් වෙනස් කර ගෙන ඊජිප්තුවට ආපසු හැරී යතැ” යි දෙවියන්වහන්සේ පැවසූ බැවිනි. එනිසා කාන්තාරය වටා වූ මාවත ඔස්සේ, රතු මුහුද දෙසට දෙවියන්වහන්සේ ඔවුන් කැඳවාගෙන ගිය සේක. ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට ව ගියේ, යුද්ධයට සන්නද්ධ ව ය.





