නික්මයාම 12:3-5
නික්මයාම 12:3-5 SCV
මෙම මස දහ වන දින හැම මිනිසකු ම තම පවුල උදෙසා, එක ගෙදරකට එකකු වශයෙන්, බැටළු පැටවකු බැගින් ගත යුතු වග මුළු ඉශ්‍රායෙල් ප්‍රජාවට ම පවසන්න. සම්පූර්ණ බැටළු පැටවකු සඳහා යම් ගෙදරක නිවැසියන් ගණනින් අඩු නම්, ඔවුන් තම ළඟ ම අසල්වැසි පවුලේ ගණන සැලකිල්ලට ගනිමින්, ඔවුන් සමඟ බෙදා ගත යුතු ය; බැටළු පැටවකු කී දෙනකු සඳහාදැයි නිගමන කළ යුත්තේ, එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය. ඔබ තෝරා ගත යුත්තේ කැළැල් රහිත, එක් අවුරුදු පිරිමි සතකු ය. බැටළු හෝ එළු හෝ යන සතකු තෝරා ගත හැකි ය.





