YouVersion Logo
Search Icon

නික්මයාම 12:29-38

නික්මයාම 12:29-38 SCV

මැදියම් රැයේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට, එනම් සිහසුන දැරූ පාරාවෝගේ කුලුඳුලා පටන්, දඟ ගෙයි සිරකරුවාගේ කුලුඳුලා දක්වා ද ඇති කරන සතුන්ගේ සියලු කුලුඳුලන්ට ද පහර දුන් සේක. පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීහු ද සියලු ඊජිප්තුවරු ද ඒ රැයේ නැගිටුණහ. ඊජිප්තුවෙහි මහා වැලපීමක් නැගිණි. මන්ද කිසිවකු හෝ නො මළ එක ගෙයකුදු නො වී ය. ඒ රෑ ම මෝසෙස් හා ආරොන් කැඳවූ පාරාවෝ, “නැගිටිනු! මගේ ජනයා වෙතින් ඉවත් ව යනු! නුඹ ඉල්ලා සිටි පරිදි නුඹත්, ඉශ්‍රායෙල්වරුනුත් ගොස්, ස්වාමින්වහන්සේට නමස්කාර කරනු. නුඹ කී පරිදි නුඹලාගේ එළු බැටළු හා ගව රංචු ද රැගෙන, යන්නට-යනු. මටත් ආශිර්වාද කරනු!” යි පැවසී ය. රටින් වහාම පිට ව යන ලෙස ඊජිප්තුවරු ඉශ්‍රායෙල් ජනයාට බල කළහ. “නැතහොත් අප සැවොම මැරී යතැ” යි ඔවුහු කීහ. එබැවින් ජනයා තමන් ඇනූ පිටි පිපෙන්නටත් පළමු, අනන බඳුන් පිටින් ම ගෙන, ඇඳුම්වලින් ඔතා, කර තබාගෙන ගියහ. ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ට මෝසෙස් කියා තිබූ පරිදි, ඊජිප්තුවරුන්ගෙන් රිදී බඩු ද රන් බඩු ද රෙදි පිළි ද ඉල්ලා ගෙන තිබිණ. ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් හමුවේ ජනයාට ප්‍රසාදය ලැබෙන්නට සලසා තිබූ බැවින්, ඔවුන් ඉල්ලූ දෑ ඊජිප්තුවරු ඔවුන්ට දුන්හ. මෙසේ ඔවුහු ඊජිප්තුවරුන්ගෙන් කොල්ල කෑහ. ඉශ්‍රායෙල්වරු රාමසෙස් සිට සුක්කොත් දක්වා ගමන් ගත්හ. කාන්තාවන් හා ළමයින් හැර, පා ගමනේ යෙදුනු පිරිමි හය ලක්ෂයක් පමණ වූහ. මිශ්‍ර ජන සමූහයක් ද එළු බැටළු හා ගව ආදී මහත් සත්ව රංචු ද ඔවුන් සමඟ ගමන් ගත්හ.

Free Reading Plans and Devotionals related to නික්මයාම 12:29-38