YouVersion Logo
Search Icon

එස්තර් 8:7-11

එස්තර් 8:7-11 SCV

අහෂ්වේරොෂ් රජු, එස්තර් බිසවටත්, යුදෙව්වරයකු වූ මොර්දෙකයිටත් පිළිතුරු දෙමින්, “ඔන්න! හාමාන් යුදෙව්වරුන්ට අත හෙළීමට උපා යෙදූ බැවින්, ඔහුගේ ගේ-දොර මම එස්තර්ට දුනිමි. ඔවුහු පෝරකයේ ඔහු එල්ලා දැමූහ. දැන් යුදෙව් ජනයා උදෙසා හොඳ ම දේ මේ යයි ඔබට පෙනෙන හැටියට රජුගේ නමින් වෙනත් ආඥාවක් කෙටුම්පත් කර, රජුගේ පේරැස් මුද්දෙන් එය මුද්‍රා තබන්න. මන්ද රජුගේ නමින් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රා තබන ලද කිසිදු ලියවිල්ලක් අවලංගු කළ නො හැකි යැ” යි පැවසී ය. එකල රජුගේ ලේකම්වරුන් කැඳවන ලදී. ඒ, තුන් වන මාසය වන සීවාන් මස විසිතුන් වන දිනයයි. ඔවුහු මොර්දෙකයිගේ සියලු නියෝග, ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක වූ යුදෙව්වරුන්ට ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයින්ට ද ප්‍රාන්ත-පාලකයන්ට ද ජන අධිපතීන්ට ද ලියා යැවූහ. එම නියෝග, ඒ ඒ ප්‍රාන්තයන්ට පොදු අකුරින් ද එක් එක් ජනතාවගේ මව් බසින් ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ ම අකුරින් හා භාෂාවෙන් ද ලියන ලදී. ඔහු මෙම ආඥාපත් අහෂ්වේරොෂ් රජුගේ නමින් ලියා, රජුගේ පේරැස් මුදුවෙන් මුද්‍රා තබා, රජුගේ අස්හලේ ම උපන්, ජවාධික අශ්වයින් පිට නැගී යන රාජ දූතයින් අත පිටත් කර යැවී ය. රජුගේ මෙම ආඥාපත් මගින් හැම පුරවරයක ම වෙසෙන යුදෙව්වරුන්ට එක් රැස් වී, තමන්ගේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ ද තමන්ට හෝ තම භාර්යාවන් හා දරුවන්ට පහර දෙන කවර ජාතියකට හෝ කවර ප්‍රාන්තයකට හෝ අයත් ආයුධ සන්නද්ධ සේනාවන් විනාශ කිරීමේ, මරා දැමීමේ හා සමූලඝාතන කිරීමේ ද ඔවුන්ගේ සතුරන්ගේ දේපළ කොල්ලකෑමේ ද අයිතිය අනුමත කරන ලදී.

Free Reading Plans and Devotionals related to එස්තර් 8:7-11