එස්තර් 4:7-8
එස්තර් 4:7-8 SCV
මොර්දෙකයි එවිට, යුදෙව් ජනයා විනාශ කරනු පිණිස රාජ්‍ය-භාණ්ඩාගාරයට ගෙවීමට හාමාන් පොරොන්දු වූ නියම මුදල් ප්‍රමාණය ඇතුළු ව තමාට සිදුව ඇති සියලු දේ ඔහුට පැවසී ය. තවද ඔවුන් සමූලඝාතන කිරීම සඳහා ෂූෂන්හි නිවේදන කොට ප්‍රකාශ කර තිබූ රාජ-නියෝග ලියවිල්ලේ පිටපතක් ද මොර්දෙකයි ඔහුට දුන්නේ, එස්තර්ට පෙන්වා, පැහැදිලි කර දී, රජු ඉදිරියට ගොස්, ඇගේ ජනයා උදෙසා දයාව ඉල්ලා, රජුට කන්නලව් කරන්නැයි උදක් ම ඉල්ලන ලෙස ඇයට නියෝග කරන ලෙස කීවේ ය.





