දේශනාකරු 8
8
1ප්‍රඥාවන්තයා කවුරුන් වගේ ද?
ඒ ඒ කාරණයෙහි අර්ථ කථනයක් දිය හැක්කේ කවරකුට ද?
ප්‍රඥාව කෙනකුගේ මුහුණ දීප්තිමත් කර,
දැඩි පෙනුම වෙනස් කරයි.
රජ අණ පිළිපැදීම
2දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ දිවුරා ඇති බැවින්, රජුගේ අණට අවනත වන්නැයි මම කියමි. 3රජු අබියසින් පිටවීමේදී කලබල ව, ඉක්මන් නො වන්න; නපුරකට ඉදිරිපත් නො වන්න; මන්ද ඔහු කටයුතු කරන්නේ තම හිතු මනාපයට ය. 4රජුගේ වචනය පරමාධිපත්‍යය වන බැවින්, “මොනවද ඔබ කරන්නේ?” යි ඔහුට කීමට සමතා කවුරු ද?
5ඔහුගේ අණ පිළිපදින කවරකුට වුව අනතුරක් නො වේ;
සුදුසු කාලය හා නිසි පිළිවෙළ කවරේදැයි ප්‍රඥාවන්ත හදවත දනී.
6මනුෂ්‍යයාගේ දුක්ඛිතභාවය ඔහු පිට අධික බරක් වූවත්
හැම දේකට ම නිසි කාලයක් හා පිළිවෙලක් ඇත.
7කිසි කෙනකු අනාගතය නො දන්නා බැවින්,
සිදු වන්නේ කුමක් දැයි කෙනකුට කිව හැක්කේ කවරකුට ද?
8ජීවන හුස්ම නවතා ගැනීමේ බලය කිසිවකුටත් නැත;
එබැවින් තම මැරෙන දවස ගැන බලයක් කවරකුටවත් නැත.
සංග්‍රාමයකදී යුද්ධ-සේවයෙන් කිසිවකු නිදහස් නො කෙරෙන්නා සේ ම
දුෂ්ටකම, දුෂ්ටකම් කරන්නා එයින් නිදහස් කරන්නේ නැත.
9මා සියල්ල දුටුවේ හිරු යට කෙරෙන හැම දෙයක් ගැන ම මගේ අවධානය යොමු කළ කල්හි ය. කෙනෙක් තවත් කෙනකුට හානි වන සේ ඔවුනට බලය පානා කාලයක් තිබේ. 10දුෂ්ටයින් තැන්පත් කරනු ලබන වගත් මම දුටිමි. ශුද්ධස්ථානයට ආ-ගිය ඔවුහු තමන් කළ දෑ ගැන නගර මධ්‍යයේ පැසසුම් ලබන්නාහ. මෙය ද නිරර්ථකයක් ය.
11අපරාධයකට දෙන දඬුවම ඉක්මනින් ක්‍රියාත්මක නො වන කල, මිනිස් හදවත් නපුර කරන්නට උත්සුක වෙයි. 12දුෂ්ටයකු අපරාධ සියයක් සිදුකර ඉන්පසුවත්, දිගු කලක් ජීවත් වුව ද, දෙවියන්වහන්සේ ඉදිරියේ ගරු බුහුමනට පාත්‍ර වූ, දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූවනට සෙත සැලසෙන වග මම දනිමි. 13එහෙත් දුෂ්ටයින් දෙවියන්වහන්සේට භය පක්ෂ නො වන බැවින්, ඔවුනට ශුභ සිද්ධ නො වේ; ඔවුන්ගේ දවස් ද සෙවණැල්ලක් සේ දිග්ගැස්සෙන්නේ නැත.
14මිහි පිට සිදුවන තවත් නිරර්ථක දෙයක් ඇත; ඒ ධර්මිෂ්ඨයින් දුෂ්ටයින්ගේ විපාකය ලැබීමත්, දුෂ්ටයින් දමිටුන්ගේ විපාකය ලැබීමත් ය. මා කියන්නේ මේකත් නිරර්ථකයක් ම වගයි. 15එබැවින් මම ප්‍රීතිය විඳීම අගේ කරමි. මන්ද කා, බී සැනැහී ප්‍රීතිවීමට වඩා වැඩි සෙතක් හිරු යට මිනිසාට නැත. එවිට දෙවියන්වහන්සේ හිරු යට ඔහුට දුන් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුගේ වැඩ කටයුතු සමඟ ප්‍රීතිය ද වන්නේ ය.
16ප්‍රඥාව දැනගැනීමටත්, දිවා රැයේ ඇසට නිදි නො ලබා මේ පොළොව පිට මිනිසාගේ වෙහෙස මහන්සිය නිරීක්ෂණයටත් මා සිත යොමු කළ කල්හි, 17දෙවියන්වහන්සේ කර තිබූ සියලු දේ මම දැක්කෙමි; හිරු යට කුමක් සිදු වන්නේ දැයි තේරුම් ගන්නට කිසිවකුටත් බැරි ය. එය සොයා ගැනීමට ඔහු දරන සියලු ප්‍රයත්න කොතෙක් වූවත් එහි අරුත සොයා ගැනීමට ඔහුට නුපුළුවන. තමා එය දන්නේ යයි යම් ප්‍රඥාවතකු ප්‍රකාශ කළත්, ඔහුට එය සැබවින් ම වටහා ගත නො හැක.
Currently Selected:
දේශනාකරු 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.