දේශනාකරු 3
3
හැම දේට ම කාලයක්
1හැම දේකට ම සමයක් ද
අහසින් යට හැම කටයුත්තකට ම කාලයක් ද ඇත:
2උපදින්නට කාලයක් සහ මියැදෙන්නට කාලයකි,
සිටුවන්නට කාලයක් සහ සිට වූ දෑ උදුරා දමන්නට කාලයකි,
3මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයකි,
කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයකි,
4හඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයකි,
ශෝක වන්නට කාලයක් සහ නටන්නට කාලයකි,
5ගල් විසුරුවන්නට කාලයක් සහ ඒවා රැස් කරන්නට කාලයකි,
වැලඳ ගන්නට කාලයක් සහ එයින් වළකින්නට කාලයකි,
6සොයන්නට කාලයක් සහ නැති වෙන්න හරින්නට කාලයකි,
තබා ගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයකි,
7ඉරන්නට කාලයක් සහ මහන්නට කාලයකි,
නිහඬ ව ඉන්න කාලයක් සහ කතා කරන්නට කාලයකි,
8ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයකි,
යුද්ධයට කාලයක් සහ සාමයට කාලයකි.
9වැඩක් කරන්නාට ඔහුගේ වෙහෙසින් ඇති ප්‍රයෝජනය කුමක් ද? 10නියැළී සිටින පිණිස දෙවියන්වහන්සේ මිනිසුනට දී ඇති කාර්ය භාරය මම දැක ඇත්තෙමි. 11උන්වහන්සේ හැම දෙයක් ම ඊට අදාළ කාලයට අලංකාර කර තිබේ. උන්වහන්සේ සදාතනය ද මිනිස් හදවත්හි තබා තිබේ; එහෙත් දෙවියන්වහන්සේ පටන් ගැන්මේ සිට අවසානය දක්වා කර ඇති දෑ සොයා දැනගන්නට ඔවුනට නුපුළුවන. 12ජීවත් ව සිටියදී ප්‍රීතිමත් වී, යහපත කිරීමට වඩා හොඳක් මිනිසුනට නැති වග මම දනිමි. 13හැම කෙනකු ම කා, බී තම කාර්යයන් ප්‍රීතියෙන් භුක්ති විඳීම දෙවියන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයකි. 14දෙවියන්වහන්සේ කරන කවරක් වුව සදා පවතින වග මම දනිමි. ඊට කිසිවක් එකතු කිරීම හෝ එයින් කිසිවක් ඉවත් කිරීම කළ නො හැකි ය. දෙවියන්වහන්සේ එය කර ඇත්තේ මනුෂ්‍යයා, උන්වහන්සේට ගෞරව කරන පිණිස ය.
15දැන් තිබෙන දේ, මේ දක්වාත් තිබිණ,
මතු ඇති වන දේ, මින් පෙර ද තිබිණ;
පහු ගිය දේ, දෙවියන්වහන්සේ ආපසු කැඳවන සේක.
16හිරුට යට තවත් දෙයක් මම දුටුවෙමි:
විනිශ්චය ස්ථානයේ දුෂ්ටකම තිබෙනු ද
යුක්තියේ ස්ථානයේ දුෂ්ටකම තිබෙනු ද දුටුවෙමි.
17මම මට ම මෙසේ කියා ගතිමි:
“දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත්, දුෂ්ටයාත්
විනිශ්චය කරන සේක.
මන්ද හැම කටයුත්තකට ම වේලාවක් තිබේ;
හැම ක්‍රියාවකට ම වේලාවක් තිබේ.”
18මම මෙසේ ද මට ම කියා ගතිමි: “තමන් ද තිරිසනුන් හා සමාන වග මිනිසුන් දැනගන්නා පිණිස දෙවියන්වහන්සේ ඔවුන් සෝදිසි කරන සේක. 19මනුෂ්‍යයාගේ ඉරණම තිරිසනාගේ ඉරණම හා සමාන ය. දෙගොල්ලට සිදු වන්නේ එක ම දේ ය. උන් මෙන් ම මොවුන් ද මැරී යන අතර ඒ හැමට ම ඇත්තේ එක ම හුස්ම ය. තිරිසනාට ඉහළින් මිනිසාට ඇති වාසියක් නැත. හැම දෙයක් ම නිරර්ථක ය. 20සැවොම යන්නේ එක ම තැනකට ය; සැවොම දූවිල්ලෙනි. දූවිල්ලට ම සැවොම හැරී යති. 21මිනිසුන්ගේ ආත්මය ඉහළට නැගේ ද තිරිසනුන්ගේ ආත්ම පොළොවෙන් යටට යා ද කියා දන්නේ කවුරු ද?”
22තම වැඩවල ප්‍රීතිය භුක්ති විඳිනවාට වඩා හොඳක් මනුෂ්‍යයාට නැති වග මෙසේ මම දුටිමි. මන්ද එය ඔහුගේ පංගු කොටසයි. මන්ද ඔහුගෙන් පසු කුමක් වේ දැයි ඔහුට පෙන්වීමට ඔහු ආපසු ගෙන්වන්නේ කවුරු ද?
Currently Selected:
දේශනාකරු 3: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: