දේශනාකරු 2
2
සතුට හා නිරර්ථක ය
1“ඉතින් දැන් එන්න; යහපත් දේ කුමක් දැයි විමසා බලන පිණිස සතුට උපයෝගී කර ගෙන මම නුඹ සෝදිසි කරන්නෙමි” යි මම මට ම කියා ගතිමි; එහෙත් අහෝ, එය ද නිරර්ථකයක් ම ය. 2“සිනහව මෝඩ කමකි: සතුටෙන් වන ප්‍රයෝජනය මොකක් දැ?” යි මම කීවෙමි. 3මගේ සිත ප්‍රඥාවෙන් මට මග පෙන්වන අතරදී, මිදි යුෂවලින් මගේ ගත ප්‍රබෝධවත් කරන්නේ කෙලෙසක ද, මෝඩකම වැලඳගන්නේ කෙලෙසකදැයි මම හදවතින් සොයා විමසා බැලීමි. මට ඕනෑ කළේ, අහසින් යට මිනිසුන් ජීවත් වන ටික දවසේ ඔවුන් කරන්නට හොඳ මොනවා ද කියා දකින්නට ය.
4මම මහා ව්‍යාපෘති ක්‍රියාවට නැගුවෙමි; මම මගේ ම නිවෙස් ඉදිකර, මිදි වතු වැවුවෙමි; 5මම ගෙවතු ද උයන් ද තනා, ඒවායේ සකල වර්ගයේ පලතුරු ගස් සිටුවීමි. 6වැඩෙන එම ගස් අරඹට ජල සැපයුමට මම පොකුණු සෑදුවෙමි. 7මම දාසයින් හා දාසීන් මිලයට ගත්තෙමි; මගේ ගෙදර උපන් වෙනත් දාස දාසීන් ද මට අයත් ව සිටියහ. මට කලින් යෙරුසලමේ සිටි අන් කවරකුටත් වැඩියෙන් ගව හා එළු බැටළු රංචු ද මට සිටියේ ය. 8තවද මම රන් හා රිදී ද රජවරුන්ගේ හා ප්‍රාන්තවල වස්තුව ද ගොඩ ගසා ගත්තෙමි. මම ගායක ගායිකාවන් ද මනුෂ්‍ය-පුත්‍රයින්ගේ ප්‍රමෝදය වන බොහෝ අඟනන්#2:8 හෙබ්‍රෙව් වචනයේ අර්ථය පැහැදිලි නැත. ද පත් කර ගත්තෙමි. 9මට කලින් යෙරුසලමේ සිටි අන් කවරකුටත් වැඩියෙන් මම ශ්‍රේෂ්ඨත්වයෙන් අග පැමිණියෙමි. මේ හැම අතර තුර මගේ ප්‍රඥාව මා සමඟ විය.
10මගේ ඇස ආශා කළ කිසිවක් මවෙතින් මා වළකා ගත්තේ නැත;
මා හදේ කිසි සතුටක් මා වැළැක් වූයේ නැත.
මගේ හැම පරිශ්‍රමයකින් ම, මගේ හද ප්‍රමෝදවත් විය;
මගේ මුළු පරිශ්රමයේ ශුභ පලය එයයි.
11එහෙත් මා දෑතින් කර ඇති දෑ හැම ද
ඒ දෑ අත්කර ගන්නට මා දැරූ වෙහෙස ද කල්පනාවට ගත් කල,
සැබවින් ම, ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය;
හිරුට යට ප්‍රයෝජනයක් ඇත්තේ නැත.
ප්‍රඥාව හා අඥානකම
12ඉන්පසු මම ප්‍රඥාව ද මෝහය හා අඥානකම ද ගැන
සලකා බලන්නට සිත යොමු කළෙමි.
දැනටමත් කර තිබෙන දේ හැර
රජුට පසුව එන තැනැත්තාට කළ හැක්කේ මොනවා ද?
13අඥානකමට වඩා ප්‍රඥාව ප්‍රයෝජනවත් වග මම දුටුවෙමි;
එය හරියට අන්ධකාරයට වඩා ආලෝකය ප්‍රයෝජනවත් වගේ ය.
14ප්‍රඥාවන්තයාට ඔහුගේ හිසේ ඇස් ඇත;
අඥානයා අන්ධකාරයේ ඇවිදියි;
එහෙත් මේ දෙදෙනා ම ගොදුරු වන්නේ
එක ම ඉරණමකට වග මම වටහා ගතිමි.
15එකල මම
“මා ගොදුරු වන්නේ ද අඥානයාගේ ඉරණමටයි;
එසේ නම් අධි ප්‍රඥාවත් වීමෙන් අත්වන සෙත කුමක් දැ?” යි
මට ම කියා ගතිමි.
“එය ද නිරර්ථකයක් මැ” යි මගේ සිත තුළ කියා ගතිමි.
16මන්ද අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයා ද දිගට ම සිහි කිරීමක් නැත;
ඔවුන් දෙදෙනා ම අමතක වී යන දවස් පැමිණේ.
අහෝ! අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයා ද නැසී යන හැටි!
මහන්සියේ නිරර්ථකත්වය
17හිරුට යටින් කරනු ලබන කාර්යයන් ශෝචනීය බැවින් මම ජීවිතයට ද්වේෂ කළෙමි. ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය. 18හිරු යට වීර්යයෙන් මා කළ හැම කටයුත්තක් ගැන ද්වේෂ කළෙමි. මන්ද මගේ අනුප්‍රාප්තිකයාට මා ඒවා තබා යා යුතු ව තිබේ. 19ඔහු ප්‍රඥාවන්තයකු වේ ද අඥානයකු වේ දැයි දන්නේ කවුරු ද? එසේ වුව ද හිරු යට මගේ වීර්යයෙන් හා ප්‍රඥාවෙන් කළ හැම කටයුත්තක ම පාලනය ඔහු සතු වන්නේ ය. මෙය ද නිරර්ථක ම ය. 20එබැවින් හිරු යට මා වීර්යයෙන් කළ හැම කටයුත්තක් ගැන මගේ හදවත කලකිරෙන්නට වන. 21මන්ද යම් කෙනකු තම ප්‍රඥාවෙන්, දැනුමෙන් හා සමත්කමින් කරන තමන් සන්තක කාර්යයන්හි උරුමය ඒ ගැන කිසි වැඩක් නො කළ කෙනකුට හැරපියා යෑමට සිදු වෙයි; මෙය ද නිරර්ථකයක් ය. මහ අවාසනාවක් ය. 22හිරු යටදී යම් කෙනකු වෙහෙස දරා මහත් පරිශ්‍රමයෙන් හා අධිෂ්ඨානයෙන් කරන කටයුතු සියල්ලට ඔහුට ලැබෙන්නේ මොනවා ද? 23ඔහුගේ සියලු දවස්හි ඔහුගේ හැම වැඩ කටයුත්තක් ම වේදනාව හා ශෝකය ය. රැයේදී පවා ඔහුගේ මනසට නිවාඩුවක් නැත; මෙය ද නිරර්ථකයක් ම ය.
24කා බී සෑහී, තම වැඩ ගැන සෑහීමට පත් වීමට වඩා හොඳක් මනුෂ්‍යයකුට නැත; එය ද දෙවියන්වහන්සේ අතින් ලැබෙන්නක් වග මම දකිමි. 25මන්ද උන්වහන්සේගෙන් තොර ව ආහාර පාන හා ප්‍රීතිය භුක්ති විඳිය හැක්කේ කවරකුට ද? 26දෙවියන්වහන්සේ තමන්ට ප්‍රිය මනුෂ්‍යයාට ප්‍රඥාව ද අවබෝධය ද ප්‍රීතිය ද දෙන සේක; තවද දෙවියන්වහන්සේට ප්‍රිය වූ අයට හිමි වන පිණිස වස්තුව රැස් කර ගබඩා කර තබන්නට පව්කරුවාට උන්වහන්සේ වැඩ සලසන සේක. මෙය ද නිරර්ථකයක් ය. සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.
Currently Selected:
දේශනාකරු 2: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: