දේශනාකරු 2:9-11
දේශනාකරු 2:9-11 SCV
මට කලින් යෙරුසලමේ සිටි අන් කවරකුටත් වැඩියෙන් මම ශ්‍රේෂ්ඨත්වයෙන් අග පැමිණියෙමි. මේ හැම අතර තුර මගේ ප්‍රඥාව මා සමඟ විය. මගේ ඇස ආශා කළ කිසිවක් මවෙතින් මා වළකා ගත්තේ නැත; මා හදේ කිසි සතුටක් මා වැළැක් වූයේ නැත. මගේ හැම පරිශ්‍රමයකින් ම, මගේ හද ප්‍රමෝදවත් විය; මගේ මුළු පරිශ්‍රමයේ ශුභ පලය එයයි. එහෙත් මා දෑතින් කර ඇති දෑ හැම ද ඒ දෑ අත්කර ගන්නට මා දැරූ වෙහෙස ද කල්පනාවට ගත් කල, සැබවින් ම, ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය; හිරුට යට ප්‍රයෝජනයක් ඇත්තේ නැත.





