ද්විතීය 5
5
දස පනත්
1මෝසෙස්, සියලු ඉශ්රායෙල්වරුන් කැඳවා, මෙසේ පැවසී ය.
එම්බා ඉශ්රායෙල් මේ අසනු! ඔබට ඇසෙන්නට, මා අද ප්‍රකාශ කරන නියෝග හා නියමයන් ඉගෙන ගන්න, ඒවා පිළිපැදීමට වග බලා ගන්න. 2අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හොරේබ්හි දී අප සමඟ ගිවිසුමක් කළ සේක. 3ස්වාමින්වහන්සේ මෙම ගිවිසුම කළේ, අපේ පියවරුන් සමඟ නො වේ; අප සමඟ ය; ජීවත් ව අද මෙහි සිටින අප සැවොම සමඟ ය. 4ස්වාමින්වහන්සේ කන්දේදී ගින්න මැද සිට, ඔබ හා මුහුණට මුහුණ ලා කතා කළ සේක. 5ගින්නට බියෙන්, ඒ අවස්ථාවේ ඔබ කන්දට නො නැගුණ නිසා, ස්වාමින්වහන්සේගේ වචනය ඔබට ප්‍රකාශ කරන පිණිස මම ස්වාමින්වහන්සේටත්, ඔබටත් අතර සිට ගතිමි.
උන්වහන්සේ මෙසේ පැවසූ සේක:
6“ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. වහල්කමේ නිවාසයෙන් පිටතට, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ තැනැත්තාණෝ මම ය.
7“මා ඉදිරියෙහි අන් දෙවිවරුන් ඔබට නො සිටිය යුතු ය.
8ඔබ, ඉහළ අහසේ හෝ පහළ පොළොවේ හෝ පොළොවෙන් යට ජලයේ හෝ ඇති කිසිවක රූපාකාරයෙන් පිළිම රූපයක්, ඔබට හදා ගැනීම නො කළ යුතු ය. 9ඔබ, ඒවාට වැඳ වැටීම නො කළ යුතු ය; නමස්කාර නො කළ යුතු ය. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය. මට වෛර කරනවුනට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා පියවරුන්ගේ පාපයට දරුවන්ට දඬුවම් කරන්නා වූ, 10එහෙත් මට ප්‍රේම කරන, මගේ ආඥා පිළිපදින අයගේ දහස් ගණන් දක්වා නොමියෙන ප්‍රේමය පාන්නා වූ තැනැත්තාණෝ ය.
11ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය, නිරර්ථක ව භාවිත නො කළ යුතු ය. මන්ද ස්වකීය නාමය නිරර්ථක ව භාවිත කරන්නන්ට ස්වාමින්වහන්සේ දඬුවම් නො කර සිටින්නේ නැත.
12ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ පරිදි, සබත් දවස ශුද්ධ ලෙස වෙන් කොට තබන්න. 13හය දවසක් ඔබ වෙහෙස ව ඔබේ සියලු වැඩ කර ගන්න. 14එහෙත් හත් වන දවස ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සබතක් ය. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය; ඔබ හෝ ඔබගේ පුතා හෝ දුව හෝ ඔබගේ සේවකයා හෝ සේවිකාව හෝ ඔබගේ ගවයා හෝ ඔබගේ බූරුවා හෝ ඔබගේ සෙසු සතුන් හෝ ඔබේ පුරවර දොරටු තුළ වෙසෙන විදෙස්සා හෝ එදින කිසි වැඩක් නො කළ යුතු ය. ඒ, ඔබ විවේක ගන්නා පරිදි ඔබේ සේවකයා හා සේවිකාව ද විවේක ගන්නා පිණිස ය. 15ඔබ ඊජිප්තුවේ වහලුන් ව සිටි බවත්, බලවත් හස්තයකින් හා දිගු කළ බාහුවකින් යුතු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉන් පිටතට ඔබ ගෙන ආ බවත් මතක තබා ගන්න. එබැවින් සබත් දවස පවත්වන ලෙස ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කර ඇත.
16ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට නියෝග කර තිබෙන පරිදි, ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න. එවිට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ ඔබ දීර්ඝායු ලබන්නේ ය. ඔබට සුබ සෙත වන්නේ ය.
17ඔබ, මිනී මැරීම නො කළ යුතු ය.
18ඔබ, පරදාර සේවනය නො කළ යුතු ය.
19ඔබ සොරකම් නො කළ යුතු ය.
20ඔබ, ඔබේ අසල්වැසියාට එරෙහිව බොරු සාක්ෂි නො දිය යුතු ය.
21ඔබ, ඔබේ අසල්වැසියාගේ බිරිඳට තෘෂ්ණා නො කළ යුතු ය. ඔබේ අසල්වැසියාගේ නිවසට හෝ ඉඩමටවත්, ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට, බූරුවාට හෝ ඔබේ අසල්වැසියාට අයත් අන් කවරකට හෝ ඔබ ආශා නො කළ යුතු ය.”
22කන්දේදී ගින්න ද වලාව ද ගන කළුවර ද මැද සිට ස්වාමින්වහන්සේ එහි එක් රැස් වූ ඔබේ මුළු ජන හමුව අමතා, උස් හඬින් ප්‍රකාශ කළ නියෝග මේවා ය. උන්වහන්සේ ඊට තවත් කිසිවක් එකතු නො කළ සේක. උන්වහන්සේ ගල් පුවරු දෙකක ඒවා ලියා, ඒවා මට දුන් සේක.
23කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් උන්වහන්සේගේ කටහඬ ඔබට ඇසුණු කල, ඔබේ ගෝත්‍ර වංශ ප්‍රධානීන් සියලු දෙනා ද ඔබේ වැඩිහිටියෝ ද මා වෙත ආහ. 24අවුත්, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය මහිමශ්‍රීයත්, ස්වකීය තේජශ්‍රීයත් අපට පෙන් වූ සේක. උන්වහන්සේගේ කටහඬ, ගින්න වෙතින් අපි ඇසීමු. දෙවියන්වහන්සේ මිනිසකු සමඟ කතා කළ පසු පවා, ඔහුට ජීවත් විය හැකි බව අද අපි දුටුවෙමු. 25එහෙත් දැන් අප මැරී යන්නේ කුමට ද? මේ මහ ගින්න අප දවා දමනු ඇත. අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේගේ කටහඬ තවදුරටත් ඇසුවහොත්, අප මියෙනු ඇත. 26ගින්න මැදින් කතා කළ ජීවමාන දෙවියන්වහන්සේගේ කටහඬ අප ඇසූ පරිද්දෙන්, ඒ අසා කවර කලෙක හෝ ජීවත් වූ මනුෂ්‍යයා කවුරු ද? 27ළඟට ගොස්, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන සියල්ල අසා ගන්න; ඉන්පසු අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පැවසූ දෑ, අපට කියන්න. අපි ඒ අසා කීකරු වන්නෙමු” යි කීහ.
28ඔබ මට කළ කතාව ස්වාමින්වහන්සේට ඇසිණි. මා ඇමතූ ස්වාමින්වහන්සේ, “මේ ජනයා ඔබට කී දෑ මට ඇසිණි. ඔවුන් කී හැම දෙයක් ම හොඳ ය. 29ඔවුන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් සදහට සෙත සැලසෙන පිණිස, නිරතුරු ව ඔවුන්ගේ හදවත් මට භය පක්ෂපාතී ව, මගේ සියලු ආඥා පිළිපැදීමට ද නැඹුරු වූවොත් යෙහෙක!
30“යන්න, ඔවුන්ගේ කූඩාරම්වලට ආපසු යන්නැයි ඔවුන්ට කියන්න. 31එහෙත් ඔබ, මා සමඟ මෙහි නවතින්න; එවිට මගේ සියලු ආඥා ද නියෝග ද නියමයන් ද මම ඔබට දෙන්නෙමි. මා ඔවුන්ට උරුම කොට දෙන දේශයේදී පිළිපදිනු පිණිස, ඔබ ඔවුන්ට ඒවා ඉගැන්විය යුතු යැ” යි පැවසූ සේක.
32එනිසා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආඥා කළ දෑ, පිළිපැදීමට සැලකිලිමත් වන්න. ඉන් දකුණට හෝ වමට හෝ නො හැරෙන්න. 33ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ මුළු මාර්ගයේ ගමන් කරන්න. එවිට, ඔබ උරුම කර ගන්නා දේශයේදී ඔබට ජීවනයත්, සඵලත්වයත්, දීර්ඝායුත් ලැබෙනු ඇත.
Currently Selected:
ද්විතීය 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: