YouVersion Logo
Search Icon

දානියෙල් 6:25-28

දානියෙල් 6:25-28 SCV

ඉක්බිති, දාරෙයාවෙෂ් රජ පොළොව මුළුල්ලෙහි වූ ජනතාවන් ද ජාතීන් ද භාෂාවන් ද යන සියල්ලන් වෙත මෙසේ ලීවේ ය: “ඔබට බෙහෙවින් සෙත් වේවා! “මගේ රාජධානියේ හැම යටත් විජිතයක ජනයා, දානියෙල්ගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාත ව ගෞරව දැක්විය යුතු බවට මම ආඥාවක් නිකුත් කරමි. “මන්ද ජීවමාන දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. උන්වහන්සේ සදහට ම පැවත සිටින සේක. උන්වහන්සේගේ රාජ්‍යය විනාශ කළ නො හැක; උන්වහන්සේගේ ආධිපත්‍යය නිම වන්නේ නැත. උන්වහන්සේ මුදන සේක; ගලවන සේක. අහසෙහි ද පොළොවෙහි ද ලකුණු හා පුදුම දක්වන සේක. සිංහයින්ගේ බලයෙන් උන්වහන්සේ දානියෙල් මිදූ සේක.” මෙසේ දාරෙයාවෙෂ්ගේ පාලන සමයේ හා පර්සියානු කෝරෙෂ්ගේ පාලන සමයේ දානියෙල් සඵලවත් විය.

Free Reading Plans and Devotionals related to දානියෙල් 6:25-28