කොලොස්සි 2:1-3
කොලොස්සි 2:1-3 SCV
ඔබ ද ලවොදිකයෙහි සිටින්නවුන් ද පෞද්ගලික ව මා මුණ නො ගැසුණු සැවොම ද උදෙසා මා කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි ඔබ දැන ගන්නවාට කැමතියි. මගේ බලාපොරොත්තුව ඔවුන් හදවතින් දිරිගැන්වී, ප්‍රේමයෙන් එකට බැඳී, සම්පූර්ණ අවබෝධයේ උපරිම සමෘද්ධිය අත්කර ගැනීමයි. එවිට දෙවියන්වහන්සේගේ අබිරහස ඔවුන්ට දැනගත හැකි වෙයි. ඒ අබිරහස, ක්‍රිස්තුස්වහන්සේ ය. ප්‍රඥාවෙත්, අවබෝධයේත් සමස්ත ධන සම්භාරය ම ගබඩා කොට ඇත්තේ උන්වහන්සේ තුළ ය.





