2 තෙසලෝනික 3:14-18
2 තෙසලෝනික 3:14-18 SCV
මෙම ලිපියෙන් අප දෙන උපදෙස්වලට යමකු කීකරු වන්නේ නැති නම්, එවන් තැනැත්තේ හඳුනාගෙන, ඔහු ලජ්ජාවට පත් වන පිණිස, ඔහු හා ඇසුරින් ඈත් වන්න. එහෙත් ඔහු සතුරකු සේ නො සලකන්න. සහෝදරයකු සේ ඔහුට අවවාද කරන්න. සාමයේ ස්වාමින්වහන්සේ ම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා! පාවුල් වන මම මගේ ම අත් අකුරින් මෙසේ ඔබට ආචාර කරමි. මගේ හැම ලිපියක ම විශේෂ ලක්ෂණය මෙයයි; ඒ මා ලියන හැටියි. යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්රහය ඔබ හැම සමඟින් වේවා!





