2 තෙසලෝනික 3:10-12
2 තෙසලෝනික 3:10-12 SCV
මන්ද: “වැඩ කරන්නට අකැමැත්තෝ අහර අනුභව නො කරත්වා!” යන නියෝගයක් ද අපි ඔබ හා සිටියදී දුන්නෙමු. ඔබ අතරේ ඇතමුන් අලස ව නො හික්මුණු අයුරින් හැසිරෙන වග අපට අසන්නට ලැබේ. ඔවුහු කිසි වැඩක නො යෙදෙති; අනුන්ගේ වැඩට ඇඟිලි ගසති. සන්සුන් ලෙස කිසියම් වැඩක යෙදී තම ජීවිකාව සඳහා තමන් ම උපයා ගන්නා ලෙස, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ තුළ අපි එවැන්නන්ට අණ කරමින් ධෛර්යය දෙන්නෙමු.





