YouVersion Logo
Search Icon

2 තෙසලෝනික 1:11-12

2 තෙසලෝනික 1:11-12 SCV

මෙය සිත්හි තබාගෙන, ඔබ උදෙසා දිගට ම අප යාච්ඤා කරන්නේ, තමන්වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් බවට අපේ දෙවියන්වහන්සේ විසින් ගණන් ගනු ලබන පිණිසත්, ඔබගේ යහ-අරමුණු හැමකක් හා ඔබගේ ඇදහිල්ලෙන් පැන නගින හැම ක්‍රියාවක්, දෙවියන්වහන්සේ විසින් ස්වකීය බලයෙන් සම්පූර්ණ කරනු ලබන පිණිසත් ය. අප එසේ යාච්ඤා කරන්නේ, අපගේ දෙවියන්වහන්සේගේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ ද අනුග්‍රහ ප්‍රකාර යේසුස් අප ස්වාමින්වහන්සේගේ නාමය ඔබ තුළත්, ඔබ උන්වහන්සේ තුළත් තේජසට පැමිණෙන පිණිස ය.