YouVersion Logo
Search Icon

2 රාජාවලිය 4:27-29

2 රාජාවලිය 4:27-29 SCV

ඈ කන්දේ සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ළඟා වී, ඔහුගේ පා අල්ලා ගත්තා ය. ඇය අහකට අදින්නට ගෙහාසී ළං විය. එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා, “ඇය එසේ සිටියාවේ. ඈ සිටින්නේ අධික ශෝකයකින්; එහෙත් ස්වාමින්වහන්සේ එය මගෙන් සැඟ වූ සේක. එය මට කීවේ නැතැ” යි කී ය. “මා මගේ ස්වාමින්ගෙන් පුතකු ඉල්ලුවා ද? මා රවටන්නට එපා ය කියා මා කීවේ නැති දැ?” යි ඈ කීවා ය. එලීෂා, ගෙහාසී අමතා, “ඔබේ කබායේ පටිය බැඳගෙන, මගේ සැරයටිය අතට ගෙන, දුවන්න. ඔබට කවුරු මුණගැසුනත් ඔහුට ආචාර නො කර, ඔබට කවුරු ආචාර කළත් ඊට පිළිතුරු නො දී, ගොස්, මගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැ” යි කීවේ ය.