2 රාජාවලිය 25
25
1එබැවින් සෙදෙකියාගේ පාලනයේ නව වන වසරේ, දහ වන මස, දහ වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් තම මුළු හමුදාව සමඟ යෙරුසලමට එරෙහිව පැමිණියේ ය. ඔහු පුරවරයට පිටතින් කඳවුරු ගසා, ඒ වටා වැටලුම් පවුරු ඉදි කළේ ය. 2මෙසේ සෙදෙකියා රජුගේ එකොළොස් වන වසර දක්වා ම පුරවරය වටලනු ලැබ තිබිණ.
3හතර වන මස, නව වන දින වන විට ජනතාවට කෑමට ආහාර නොමැති තරමට පුරවරයේ සාගතය ඉතා උග්‍ර විය. 4මෙවිට පුර පවුර බිඳ, මුළු මහත් හමුදාව පලා ගියහ. කල්දිවරුන් පුරවරය වටා සිටි නමුදු, ඔවුහු රජ උයන අසල පවුරු යුගල අතරේ වූ දොරටුවෙන් රාත්‍රියේ පලා ගොස්, අරාබා දෙසට ගමන් ගත්හ. 5එහෙත් කල්දිවරුන්ගේ හමුදාව, සෙදෙකියා රජු ලුහුබැඳ යෙරිකෝ තැන්නේදී ඔහු අල්ලා ගත්තේ ය. ඔහුගේ සියලු හේවායෝ ඔහු වෙතින් බැහැර කොට, විසුරුවන ලදහ. 6මෙසේ ඔහු අල්ලා ගනු ලැබ,
හමාත් දේශයේ රිබ්ලාහි වූ බබිලෝනි රජු වෙත ගෙන යන ලදී. එහිදී රජු ඔහු ගැන විනිශ්චය දුන්නේ ය. 7ඔවුහු සෙදෙකියා ඉදිරිපිටදී ම ඔහුගේ පුතුන් මැරූහ. ඉන්පසු ඔවුහු සෙදෙකියාගේ ඇස් උගුල්ලා, ලෝකඩ විලංගු ලා, ඔහු බබිලෝනියට ගෙන ගියහ.
8බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ගේ දහනව වන වසරේ, පස් වන මස, හත් වන දින රාජකීය ආරක්ෂක සේනාධිපති හා බබිලෝනි රජුගේ නිලධාරියකු වූ නෙබුසරදාන්, යෙරුසලමට පැමිණියේ ය. 9ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහය ද රාජ මාලිගය ද යෙරුසලමේ සියලු නිවාස ද හැම විශාල ගොඩනැගිල්ලක් ද දවා දැමී ය. 10ආරක්ෂක සේනාධිපති යටතේ වූ මුළු බබිලෝනි හමුදාව, යෙරුසලම වටා තිබූ පවුර බිඳ දැමූහ. 11තවද පුරයේ ඉතිරි ව සිටි ජනයා ද බබිලෝනියේ රජු වෙත පලා ගොස් සිටි ජනයා ද ඉතිරි ජන සමූහයා සමඟින් ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් විසින් පිටුවහල් කොට ගෙන යනු ලැබිණි. 12එහෙත් ආරක්ෂක සේනාධිපති මිදි වතු හා කෙත් වතුවල වැඩ කරන පිණිස දේශයේ අන්ත දුගීන් ඇතැම් දෙනකු නතර කළේ ය.
13 ස්වාමින්වහන්සේගේ ගෘහයේ තිබූ ලෝකඩ කුලුනු ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ තිබූ රඳවන ද ලෝකඩ මුහුදු තටාකය ද කල්දිවරු කැබලි කොට, ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ. 14තවද ඔවුහු මුට්ටි ද හැඳි ද පහන් තිර කපන කතුරු ද ලේ ඉසින බඳුන් ද තැටි ද දේව මාලිග සේවා සඳහා උපයෝගී කොට ගත් ලෝකඩ උපකරණ සියල්ල ද ගෙන ගියහ. 15ආරක්ෂක සේනාධිපති පවිත්‍ර රනින් හා පවිත්‍ර රිදීයෙන් සාදන ලද සියල්ල වන දුම් කබල් හා පැන් ඉසින පාත්‍ර රන් සහ රිදී ලෙස ගෙන ගියේ ය.
16 ස්වාමින්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් විසින් සාදන ලද කුලුනු යුගලේ, මුහුදු තටාකයේ හා රඳවනවල ලෝකඩවල බර කිරන්නට බැරි තරමට තිබිණ. 17එක් කුලුනක් උසින් රියන් දහඅටකි#25:17 මීටර් 8.1ක් පමණ.. එක් කුලුනක මුඳුනත වූ ලෝකඩ පේකඩය උසින් රියන් තුනකි#25:17 මීටර් 1.4ක් පමණ.. එය වටා කැටයම් කළ දැල් හා දෙළුම් ගෙඩි සැරසිලි තිබිණි. අනෙක් කුලුනත් එහි දැල් වැඩත් ඒ හා සමාන විය.
18ආරක්ෂක සේනාධිපති, ප්‍රධාන පූජක සෙරායා ද දෙවන පූජක සෙෆනියා ද දොරටුපාලයින් තිදෙනා ද සිරකරුවන් කොට අල්ලා ගත්තේ ය. 19ඒ වන තුරු ම පුරයේ සිටි යුද්ධ භටයින් බාර නිලධාරියා ද රාජ උපදේශකයින් පස් දෙනකු ද ඔහු අල්ලා ගත්තේ ය. යුද්ධයට දේශයේ මිනිසුන් ලියාපදිංචි කරවීම බාර ප්‍රධානියා වූ ලේකම්වරයා හා පුරවරයේ සිටි මිනිසුන් හැටදෙනකු ද ඔහු අල්ලා ගත්තේ ය. 20ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් ඔවුන් සියලු දෙනා අල්ලාගෙන, රිබ්ලාහි සිටි බබිලෝනි රජු වෙත ඔවුන් ගෙන ආවේ ය. 21හමාත් දේශයේ රිබ්ලාහි දී බබිලෝනි රජු ඔවුන් ගසා හෙළා, මරා දැමී ය.
මෙසේ යූදා, තම දේශයෙන් පිටතට, පිටුවහල් කොට ගෙන යනු ලැබුවේ ය.
22බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්, යූදා දේශයෙහි ඉතිරි කර ගිය මිනිසුන්ගේ අධිපතියා හැටියට ෂාෆාන්ගේ පුත්, අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කළේ ය. 23බබිලෝනියේ රජු ආණ්ඩුකරු හැටියට ගෙදලියා පත් කර ඇති වග ඇසූ සියලු හමුදා නිලධාරීහු හා ඔවුන්ගේ මිනිස්සු, එනම් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් යෝහානාන් ද නෙටොෆාතීය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මාකාතියාගේ පුත් යාසනියා ද ඔවුන්ගේ මිනිස්සු ද මිස්පාහි ගෙදලියා වෙත ආහ. 24ගෙදලියා ඔවුන් හා ඔවුන්ගේ මිනිසුන්ට දිවුරුමකින් සහතික වෙමින්, “කල්දිවරුන්ගේ නිලධාරීන්ට භය වෙන්න එපා. දේශයෙහි වාසය කරමින්, බබිලෝනියේ රජුට මෙහෙ කරන්න. එයින් ඔබට සෙත සැලසේවී” යි පැවසී ය.
25එහෙත් හත් වන මාසයේ රාජවංශික එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිනිසුන් දහ දෙනකු සමඟ අවුත්, ගෙදලියා ද මිස්පාහි ඔහු සමඟ සිටි යූදාවරුන් හා කල්දිවරුන් ද ඝාතන කළේ ය. 26මේ නිසා ලොකු කුඩා සියලු මිනිස්සු හමුදා නිලධාරීන් සමඟ කල්දිවරුන්ට බියෙන් ඊජිප්තුවට පලා ගියහ.
යෙහෝයාකීන් නිදහස් කිරීම
27යූදා රජු වූ යෙහෝයාකීන්ගේ පිටුවහල් ව සිටීමේ තිස්හත් වන අවුරුද්දේ එවීල්-මෙරොදක් බබිලෝනියේ රජකමට පත් විය. ඔහු දොළොස් වන මස විසිහත් වන දින යෙහෝයාකීන් සිර ගෙයින් නිදහස් කළේ ය. 28ඔහු කරුණාවෙන් ඔහුට කතා කර, බබිලෝනියේ තමා සමඟ සිටි සෙසු රජුන්ගේ ආසනවලට වඩා ගෞරවනීය තැනක් ඔහුට දුන්නේ ය. 29එබැවින් යෙහෝයාකීන් තම සිර ඇඳුම් ඉවත ලා, තම ජීවිතයේ ඉතිරි කාලයේ දිනපතා ම රජුගේ මේසයේ හිඳ කෑම කෑවේ ය. 30රජු යෙහෝයාකීන්ගේ මරණය දක්වා ඔහුගේ ජීවිත කාලය පුරා ම ඔහුට නිත්‍ය කොටසක් දිනපතා දුන්නේ ය.
Currently Selected:
2 රාජාවලිය 25: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: