YouVersion Logo
Search Icon

2 රාජාවලිය 24:2-5

2 රාජාවලිය 24:2-5 SCV

ස්වාමින්වහන්සේ ඔහුට එරෙහිව කල්දිවරුන්ගේ ද අරාම්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද කොල්ලකාර හමුදාවන් යැවුවේ, උන්වහන්සේගේ සේවකයන් වන දිවැසිවරුන් විසින් ප්‍රකාශ කරන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව යූදා විනාශ කරන පිණිස ය. සැබවින් ස්වාමින්වහන්සේගේ ආඥාවට අනුව යූදා ජනයාට මේ දෑ සිදු වූයේ, උන්වහන්සේ තමන් අබියසින් ඔවුන් පහ කරන පිණිස ය. ඒ මනස්සේගේ බොහෝ පාප හා ඔහු කළ සියල්ල ද ඔහු වැගුරූ නිදොස් ලේ ද නිසා ය. ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පුරවාලූ බැවින් ස්වාමින්වහන්සේ කමා වන්නට අකමැති වූ සේක. යෙහෝයාකීම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?