YouVersion Logo
Search Icon

2 රාජාවලිය 14:23-28

2 රාජාවලිය 14:23-28 SCV

යූදා රජු වූ යෝවාෂ්ගේ පුත් අමසියාගේ පහළොස් වන අවුරුද්දේ ඉශ්‍රායෙල් රජු වූ යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් සමාරියේ රජකමට පත් විය. ඔහු අවුරුදු හතළිස් එකක් රජකම් කළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඉශ්‍රායෙල්ට කරන්නට සැලසූ ඔහුගේ පාප එකකින්වත් ඔහු ඉවත හැරුණේ නැත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම සේවක ගාත්-හේෆෙර්හි අමිත්තයිගේ පුත් දිවැසිවර යෝනා ලවා පවසන ලද වචනයට අනුව ලෙබෝ-හමාත් පටන් අරාබා මුහුද දක්වා වූ ඉශ්‍රායෙල් දේශ සීමා නැවත ස්ථාපිත කළේ ඔහු ය. ඉශ්‍රායෙල්හි වහල්-නිවහල් හැම කෙනකු ම බොහෝ පීඩිත ව සිටිනවාත්, ඔවුන්ගේ පිහිටට කිසිවකු එහි නැති වගත් ස්වාමින්වහන්සේ දුටු සේක. තවද ඉශ්‍රායෙල් යන නාමය අහස යටින් මකා දමන බව ස්වාමින්වහන්සේ පවසා තිබුණේ නැති බැවින් උන්වහන්සේ යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් ලවා ඔවුන් ගැලවූ සේක. යෙරොබොවම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල හා ඔහුගේ බලවත් යුද මෙහෙයුම් ඇතුළු යූදාට අයිති ව තිබූ දමස්කය හා හමාත් ඔහු ඉශ්‍රායෙලයට ආපසු ලබා ගත් අයුරු ද ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?