2 ලේකම් 7
7
ස්වර්ගයෙන් ගිනි
1සාලමොන් යාච්ඤා කර නිම වූ කල, ස්වර්ගයෙන් ගිනි බැස, දවන යාග පූජාව ද යාග පූජා ද දවා දැමිණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ගෘහය පුරවාලී ය. 2ස්වාමින්වහන්සේගේ ගෘහය ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරී ගිය බැවින් පූජකයින්ට ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු වීමට නො හැකි විය. 3ගිනි බසිනවාත්, ගෘහය මත ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයත් දුටු මුළු ඉශ්‍රායෙල් ජනයා දණින් වැටී, පාදිකාව පිට මුහුණ බිමට නමා, ස්වාමින්වහන්සේට නමස්කාර කළෝ,
“උන්වහන්සේ යහපත් ය.
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවත්නේ යැ” යි
කියමින්, ස්තුති දුන්නෝ ය.
4ඉන්පසු රජු හා මුළු ජනයා ස්වාමින්වහන්සේ අබියස යාග පූජා ඔප්පු කළහ. 5සාලමොන් රජු, ගවයින් විසිදෙදහසක් හා එළු-බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් යාග පූජාවක් ලෙස ඔප්පු කළේ ය. රජු ද මුළු ජනතාව ද දෙවියන්වහන්සේගේ ගෘහය මෙසේ කැප කළහ. 6පූජකයෝ මෙහෙයයෙහි තමන්ගේ නියමිත ස්ථානවල සිටගත්හ. එසේ ම ලෙවීවරු ද ස්වාමින්වහන්සේගේ තූර්ය භාණ්ඩ ගෙන තමන්ගේ ස්ථානවල සිටගත්හ. එම තූර්ය භාණ්ඩ ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන පිණිස දාවිත් රජු විසින් සාදන ලදුව, “උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවත්නේ යැ” යි කියමින් උන්වහන්සේට ස්තුති දීමට යොදා ගත් ඒවා ය. ඔවුන් ඉදිරිපිටින් සිටි පූජකයින් තමන්ගේ හොරණෑ හැඬ වූයේ සියලු ඉශ්‍රායෙල්වරුන් නැගී සිටි අතරතුරදී ය.
7තවද සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබූ මළුවේ මැද කොටස විශුද්ධ කළේ ය. ඔහු එතැන දවන යාග පූජා ද ශාන්ති පූජාවේ මේදය ද ඔප්පු කළේ ය. ඔහු එසේ කළේ යාග පූජා ද ධාන්‍ය පූජා ද මේදයේ කොටස් ද තබන්නට ඔහු සාදා තිබූ ලෝකඩ පූජාසනය ඊට ප්‍රමාණවත් නො වූ නිසා ය.
8එකල සාලමොන් තමා සමඟ වූ සියලු ඉශ්‍රායෙල් ජනයා සමඟ සත් දවසක් මංගල්‍යය පැවැත්වී ය. ඒ මහ එක් රැස්වීම ලෙබෝ-හමාත් පටන් ඊජිප්තු ඇළ දක්වා විසූ විශාල ජනකායකගෙන් සමන්විත විණ. 9අටවෙනි දින ඔවුහු එක් රැස්වීමක් පැවැත් වූහ. මන්ද ඔවුහු පූජාසනය කැප කිරීමේ උත්සවය හත් දවසක් ද තවත් දවස් හතක් මංගල්‍යය ද පැවැත් වූහ. 10ස්වාමින්වහන්සේ, දාවිත්ටත්, සාලමොන්ටත්, උන්වහන්සේගේ ජනතාව වන ඉශ්‍රායෙල්ටත් කළ යහ දෑ පිළිබඳව ප්‍රීතියෙන් ද සිතෙහි ප්‍රමෝදයෙන් ද යුතු ව හත්වෙනි මස විසිතුන්වෙනි දින ඔහු ජනතාව තම තමන්ගේ නිවෙස් කරා පිටත් කර හැරියේ ය.
ස්වාමින්වහන්සේ සාලමොන්ට දර්ශන වීම
11සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, රජුගේ ගෘහයේත් වැඩ නිම කොට, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, තමන්ගේ ගෘහයේත් කරන්නට අදහස් කළ සියල්ල සාර්ථක ලෙස නිම කළ පසු, 12ස්වාමින්වහන්සේ රාත්‍රියේදී සාලමොන්ට පෙනී, මෙසේ පැවසූ සේක:
“මම ඔබේ යාච්ඤාවට සවන් දුන්නෙමි; මෙම ස්ථානය යාග පූජා ගෘහයක් වශයෙන් මම මට ම තෝරා ගත්තෙමි.
13“වැසි නො වසින ලෙස මා අහස පියවන කල හෝ දේශය වනසන ලෙස පළඟැටියන්ට මා අණ කරන කල හෝ මගේ ජනයා අතරට වසංගතය එවන කල හෝ 14මගේ නාමය දරන මගේ ජනයා තමුන් ම යටහත් වී, කන්නලව් කර, මගේ මුහුණ සොයා, තමන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්නේ නම්, මම ස්වර්ගයේ සිට අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. 15මෙම ස්ථානයේදී ඔප්පු කරන යාච්ඤාවලට දැන් මගේ ඇස් විවර ව, මගේ සවන් යොමු ව තිබේ. 16මේ ගෘහයේ මගේ නාමය සදහට ම පවතින පිණිස මම එය තෝරා ගෙන, විශුද්ධ කළෙමි. මගේ ඇස් ද මගේ හදවත ද නිරන්තරයෙන් ම එහි වන්නේ ය.
17“ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, මා අබියස හැසිරෙමින්, මා අණ කරන සියල්ල කරන්නේ නම් හා මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්, 18‘ඉශ්‍රායෙල් පාලනය කරන්නට ඔබට කෙනකු නැති නො වනු ඇතැ’ යි පවසමින් ඔබේ පියා වූ දාවිත් සමඟ මා කළ ගිවිසුම පරිදි මම ඔබේ රාජකීය සිංහාසනය ස්ථිර කරන්නෙමි.
19“එහෙත් ඔබ#7:19 හෙබ්‍රෙව් බසින් බහු වචනයෙන් ඇත. වෙනතක හැරී, මා ඔබට දුන් නියෝග හා ආඥා අත්හැර ගොස්, අන් දෙවිවරුන්ට සේවය කර, නමස්කාර කරන්නේ නම්, 20මම ඔබට දුන් මගේ දේශයෙන් ඔබ උදුරා දමන්නෙමි. මගේ නාමය උදෙසා විශුද්ධ කර ගත් මේ ගෘහය මගේ දෘෂ්ටියෙන් බැහැර කර, සියලු ජනයින් අතර එය උපහාසයක් ද සමච්චලයට හේතුවක් ද වන්නට සලස්වන්නෙමි. 21එවිට යන එන සියලු ජනයා විස්මපත් ව බලා, මේ ගෘහය උත්තම ව තිබුණේ වී නමුත්, ‘මේ දේශයටත්, මේ ගෘහයටත් ස්වාමින්වහන්සේ මෙහෙම දෙයක් කළේ ඇයි?’ දැයි අසනු ඇත. 22එවිට මිනිසුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන් වැලඳ ගනිමින්, ඔවුන්ට නමස්කාර කරමින්, සේවය කළ නිසා උන්වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිටට ගෙනා සේකැ’ යි” කියනු ඇත.
Currently Selected:
2 ලේකම් 7: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: