2 ලේකම් 31
31
1මේ සියල්ල නිම වූ පසු, පැමිණ සිටි සියලු ඉශ්‍රායෙල්වරු යූදාහි නගරවලට පිටත් ව ගොස්, රූප ස්තම්භ කැබලිවලට කඩා, අෂේරා කණු කපා හෙළූහ. තවද යූදා හා බෙන්යමින් මුළුල්ලේ ද, එප්‍රායිම් හා මනස්සේ තුළ ද වූ උස් තැන් පුදසුන් හා පුදසුන් සියල්ල විනාශ කර දැමූහ. ඉන්පසු සියලු ඉශ්‍රායෙල් ජනයා තමන්ගේ පුරවරවලට ද එකිනෙකාගේ උරුමය වෙත ද ආපසු ගියහ.
හෙසකියා හා පූජකයෝ
2ඉන්පසු හෙසකියා, පූජකයින් හා ලෙවීවරුන් කාණ්ඩවලට පත් කළේ ය. දවන යාග පූජා සඳහා, ශාන්ති පූජා සඳහා, ස්වාමින්වහන්සේගේ කඳවුරු දොරටු සේවා සඳහා හා ස්තුති දීම් හා ප්‍රශංසා කිරීම් සඳහා යන වශයෙන් එකිනෙකාට අයත් මෙහෙයයන් අනුව කාණ්ඩ වශයෙන් පූජකයින් සහ ලෙවීයයන් පත් කළේ ය. 3ස්වකීය සන්තකයෙන් රජුගේ දායකත්වය වූයේ දවන යාග පූජා සඳහා ය. එනම් උදෑසන හා සවස දවන යාග පූජා, සබත් දවස්හි, නව සඳ දවස්හි හා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා ඇති නියමිත මංගල්‍යයන්හි දවන යාග පූජා යන වශයෙනි. 4තවද ඔහු යෙරුසලමෙහි ජීවත් වන ජනයාට ආඥා කරමින් පූජකයින්ට හා ලෙවීයයන්ට දිය යුතු කොටස දෙන්නැයි දැන්වූයේ ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවට ඔවුන් කැප ව සිටින පිණිස ය. 5ආඥාව පැතුරුණු සැණින් ඉශ්‍රායෙල් ජනයා ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද තෙල් ද මී පැණි ද තම කෙත් වත්හි සියලු නිපැයුම් ද යන දැයින් ප්‍රථම-ඵල අධික ව රැගෙන ආහ. තවද ඔවුහු හැම දෙයින් ම දසයෙන් කොටස ද අධික ව ගෙන ආහ. 6තවද යූදාහි පුර-නගරවල වෙසෙන ඉශ්‍රායෙල් හා යූදා ජනයා ද ගවයන්ගෙන් හා බැටළුවන්ගෙන් දසයෙන් කොටස් ගෙන ආ ඔවුහු, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට කැප කරන ලද ශුද්ධ දෑවලින් දසයෙන් කොටස් ගෙන අවුත්, ගොඩවල් ගැසූහ. 7තුන් වන මාසයේ එම ගොඩවල් අඩුක් කිරීම ඇරඹූ ඔවුහු එය නිම කළේ හත් වන මාසයේ ය. 8හෙසකියා හා අධිපතීහු පැමිණි කල එම ගොඩවල් දැක, ස්වාමින්වහන්සේටත්, උන්වහන්සේගේ ඉශ්‍රායෙල් ජනයාටත් ප්‍රශංසා කළෝ ය.
9හෙසකියා පූජකයින්ගෙන් හා ලෙවීයයන්ගෙන් එම ගොඩවල් ගැන විමසුවේ ය. 10එවිට සාදෝක් වංශික, ප්‍රධාන පූජක අසරියා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේගේ ගෘහයට දායක පංගු ගෙන ඒම ඔවුන් පටන් ගත් තැන් පටන්, අපි අනුභව කළා. ඕනෑ තරම් තිබුණා; බහුල ව ඉතිරි වෙලාත් තියෙනවා. මොකද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයාට ආශිර්වාද කරලා. එනිසා මේ අති විශාල ප්‍රමාණයක් අපට ඉතිරි ව තියෙනවා” යි කීවේ ය.
11ඉන්පසු හෙසකියා ගබඩා කුටි ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ සූදානම් කරන ලෙස නියෝග කළේ ය. ඔවුහු ඒවා පිළියෙල කළහ. 12ඔවුහු සම්මාදම්, දසයෙන් කොටස් හා කැප කළ දෑ විශ්වාසවන්ත ව ගෙන ආහ. ඔවුන්ගේ වැඩ බාර ප්‍රධාන නිලධාරියා ලෙවීයයෙකු වූ කොනනියා ය. දෙවැන්නා ඔහුගේ සහෝදර ෂිමෙයි ය. 13තවද හෙසකියා රජු හා දෙවියන්වහන්සේගේ ගෘහයේ ප්‍රධාන නිලධාරී අසරියා විසින් පත් කරන ලද යෙහීයෙල්, අසසියා, නහත්, අසාහෙල්, යෙරීමොත්, යෝසාබාද්, එලියෙල්, ඉස්මකියා, මහත් සහ බෙනායා වැඩ පරීක්ෂකයින් ලෙස කොනනියාගේ සහ ඔහුගේ සහෝදර ෂිමෙයිගේ සහායට සිටියහ.
14නැගෙනහිර දොරටු පාලක, ලෙවීයය ඉම්නාගේ පුත්‍ර, කොරේ ස්වාමින්වහන්සේට වෙන් කෙරෙනු සම්මාදම් හා අතිශුද්ධ පූජා බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන්වහන්සේට ඔප්පු කරන ලද දේවල් බාර ව සිටියේ ය. 15පූජකයින්ගේ පුරවර තුළ, මහලු හා තරුණ තම සහෝදරයින්ට එක ලෙස පංති අනුව කොටස් බෙදා දෙන්නට ඒදන්, මිනියාමින්, යේෂුවා, ෂෙමායා, අමරියා සහ ෂෙකනියා ඔවුනට සහාය වූහ.
16ඒ, තම පූජක පන්තිවලට අනුව තම නිල කාරිය සඳහා එක් එක් දවසට නියමිත සේවාවනට ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු වන පෙළපත් අනුව ලියාපදිංචි තුන් අවුරුදු හා ඊට වැඩි වයස් වූ පිරිමින්ට අමතරව ය. 17පූජකයින්ගේ ලියාපදිංචිය, ඔවුන්ගේ පියවරුන්ගේ පියවංශ අනුව ය. ලෙවීවරුන්ගේ ලියාපදිංචිය, ඔවුන්ගේ සේවා පංති මගින්, විසි අවුරුදු හා ඊට වැඩි වයස් වූ ඔවුන්ගේ සේවා නිලයට අනුව ය. 18ඔවුහු තම කුඩා දරුවන්, තම බිරින්දෑවරුන්, තම පුතුන් හා තම දූවරුන් සමඟ මුළු සභාව ම ලියාපදිංචි කරන ලදහ. මන්ද තමන් ශුද්ධ ව පැවතීමට ඔවුහු විශ්වාසී වූහ.
19තමන්ගේ පුරවරවලට අයත් පොදු කෙත්වත්වල වූ ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින් අතරේ හැම පිරිමියකු හා ලියාපදිංචිය ලද හැම ලෙවීයයෙකු සඳහා කොටස් බෙදා දීමට සෑම නගරයක ම නම් වශයෙන් පත් කරන ලද තැනැත්තෝ වූහ.
20හෙසකියා යූදා දේශය මුළුල්ලේ මෙසේ කළේ ය. ඔහු කළේ, තම දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ යහපත් වූත්, හරි වූත් විශ්වසනීය වූත් දේ ය. 21දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවය තුළ ඔහු බාර ගත් හැම කාරියක් ම ද ව්‍යවස්ථාවට හා ආඥාවනට අනුකූලව ඔහුගේ දෙවියන්වහන්සේ සෙවීම ද මුළු හදවතින් ම කළ ඔහු සඵලවත් විය.
Currently Selected:
2 ලේකම් 31: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: