2 ලේකම් 30
30
පාස්කු සැමරුම
1මුළු ඉශ්රායෙල් හා යූදා වෙත පණිවුඩ යැවූ හෙසකියා, එප්‍රායිම් හා මනස්සේ වෙත ද ලිපි ලියා, ඔවුන් සැවොම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමින්වහන්සේගේ ගෘහයට පැමිණිය යුතු යයි දැන්වී ය. 2මන්ද රජු හා ඔහුගේ අධිපතීන් ද යෙරුසලමෙහි මුළු සභාව ද පාස්කුව දෙවන මාසයේ පැවැත්වීමට මන්ත්‍රණ කොට තිබිණ. 3මන්ද යත් ඊට නියමිත කාලයේ එය පැවැත්වීමට ඔවුනට නො හැකි වී තිබිණ. එසේ වූයේ පූජකයින් අවශ්‍ය ගණනට අනුව තමන් ම පවිත්‍ර වී නො සිටි නිසාත්, ජනයා යෙරුසලමට එක් රැස් වී නො සිටි නිසාත් ය. 4තවද මෙම සැලැස්ම යෙහෙකැයි රජුටත්, මුළු සභාවටත් පෙනී ගියේ ය. 5එබැවින් ඔවුහු ඉශ්රායෙල් මුළුල්ලේ, බෙයර්ෂෙබා පටන් දාන් දක්වා නිවේදනයක් කරවීමට නියම කර ගත්හ. ඒ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට යෙරුසලමෙහි දී පාස්කුව පැවැත්වීමට ජනයා පැමිණිය යුතු බවට ය. මන්ද ඔවුන් දිගු කලක් එය ලියා තිබූ හැටියට නො පවත්වා තිබූ හෙයිනි.
6රජුගේ අණ පරිදි, පණිවුඩකරුවෝ ඉශ්රායෙල් සහ යූදා මුළුල්ලේ, රජුගෙන් සහ ඔහුගේ අධිපතීන්ගෙන් ලත් ලිපි රැගෙන ගියහ. එහි මෙසේ සඳහන් විය:
“එම්බා ඉශ්රායෙල් ජනයිනි, අසිරියාවේ රජුන් අතින් බේරී පලා ආ ඔබගේ ඉතිරි ස්වල්ප දෙනා වෙත උන්වහන්සේ ද යළි හැරෙන පිණිස, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරී එන්න. 7තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ද්‍රෝහි වූ ඔබේ පියවරුන් මෙන්, ඔබේ නෑදෑ සහෝදරයින් මෙන් නො වන්න; ඔබට පෙනෙන පරිදි එනිසා උන්වහන්සේ ඔවුන් තැතිගැන්මේ ආදර්ශයක් බවට පත් කළ සේක. 8ඔබගේ පියවරුන් පරිදි මුරණ්ඩු වූවන් නො වන්න. ස්වාමින්වහන්සේට ඔබ ම යටත් වී, සදහට ම උන්වහන්සේ පවිත්‍ර කරන ලද උන්වහන්සේගේ ශුද්ධස්ථානයට පැමිණ, උන්වහන්සේගේ රුදුරු කෝපය ඔබ වෙතින් පහව යන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට සේවය කරන්න. 9ස්වාමින්වහන්සේ වෙත ඔබ ආපසු හැරී ආවොත්, ඔබේ සහෝදරයින් හා ඔබේ දරුවන් අල්ලා ගනු ලැබූවන්ගෙන් අනුකම්පාව ලැබ, මේ රටට ආපසු පැමිණෙනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ කරුණාවන්ත ය; දයාවන්ත ය; ඔබ උන්වහන්සේ වෙත ආපසු හැරී ආවොත්, උන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ වෙතින් ඉවත හරවනු නැත.”
10එබැවින් පණිවුඩකරුවෝ එප්‍රායිම් දේශය හා මනස්සේ දේශය මුළුල්ලේත්, ඉන් එහාට සාබුලොන් දක්වාත් පුරවරයෙන් පුරවරයට ගියහ. එහෙත් ජනයා ඔවුන්ට සමව්චලයට සිනාසුණහ; ඔවුන්ට අවමන් කළහ. 11කෙසේ වෙතත්, ආෂෙර් වෙතින්, මනස්සේ වෙතින් හා සාබුලොන් වෙතින් ඇතැම් දෙනෙක් තුමූම යටහත් ව යෙරුසලමට ආහ. 12දෙවියන්වහන්සේගේ හස්තය යූදා පිට ද වූයේ රජු හා අධිපතීන් ස්වාමින්වහන්සේගේ වචනයෙන් ආඥා කළ දෑ එක හදවතකින් කරන්නට ඔවුනට හැකි වන පිණිස ය.
13දෙවන මස නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්වීමට ජනයා බොහෝ දෙනෙක් යෙරුසලමට එක් ව පැමිණියහ. අති විශාල එකමුතුවකි. 14ඔවුහු වැඩට බැස, යෙරුසලම තුළ වූ පූජාසන ඉවත් කළහ. සුවඳ දුම් දැවූ සියලු පූජාසන ඉවත් කළ ඔවුහු ඒවා කිද්‍රොන් නිම්නයේ හෙළූහ.
15තවද ඔවුහු දෙවන මස දාහතර වන දින පාස්කු බැටළු පැටවා මැරූහ. පූජකයෝ හා ලෙවීයයෝ ලජ්ජාවට පත් වූවාහු තුමූම පවිත්‍ර වී, ස්වාමින්වහන්සේගේ ගෘහයට දවන යාග පූජා ගෙනාවෝ ය. 16ඔවුහු, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් තමනට නිර්දේශිත පරිදි ස්ථානගත වූහ. පූජකයෝ, ලෙවීයයන් අතින් ලේ ගෙන, ඒවා ඉසූහ. 17මන්ද එක් රැස් ව සිටි බොහෝ දෙනකු ම පවිත්‍ර වී සිටියේ නැත. එබැවින් පවිත්‍ර නො වූ හැම කෙනකු සඳහා ම බැටළු පැටවකු මරන්නට, ඌ ස්වාමින්වහන්සේට කැප කරන්නට ලෙවීවරුනට සිදු විය. 18මන්ද ජනයාගෙන් වැඩිදෙනා, එප්‍රායිම්, මනස්සේ, ඉස්සාකර් හා සාබුලොන් වෙතින් ආ බොහෝ දෙනා තමන් ම පවිත්‍ර වී සිටියේ නැත. එහෙත් ඔවුහු, ලියා තිබූ පිළිවෙළට පටහැනි ව පාස්කුව අනුභව කළහ. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤා කළේ ය. “යහපත් ස්වාමින්වහන්සේ ඔවුන්ට කමා වන සේක්වා. 19මන්ද පවිත්‍ර වීම පිළිබඳ ශුද්ධස්ථානයේ නීතියට අනුකූලව නො වූවත්, තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සෙවීමට, දෙවියන්වහන්සේ සෙවීමට ඔවුහු තම හදවත් යොමු කළ බැවිනි.” 20ස්වාමින්වහන්සේ හෙසකියාට සවන් දුන් සේක්, ජනයා සුව කළ සේක.
21යෙරුසලම වෙත පැමිණ සිටි ඉශ්රායෙල් ජනයා මෙසේ නුමුහුන් රොටි මංගල්‍යය හත් දවසක් පැවැත් වූයේ මහා ප්‍රීති ප්රමෝදයෙනි. ලෙවීවරුන් හා පූජකයින් දවසින් දවස ස්වාමින්වහන්සේට ප්‍රශංසා කළේ ස්වාමින්වහන්සේට කැප කළ සංගීත භාණ්ඩ සමඟිනි.
22තවද හෙසකියා, ස්වාමින්වහන්සේගේ මෙහෙයේදී මනා නිපුණත්වයක් පෙන්නුම් කළ සියලු ම ලෙවීවරුන් ධෛර්යය ගන්වමින් කතා කළේ ය. මෙසේ ඔවුහු ශාන්ති පූජා ඔප්පු කරමින්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ස්තුති දෙමින්, හත් දවසක් මංගල්‍ය ආහාර භුක්ති වින්දහ.
23තවත් දවස් හතක් මංගල්‍යය පැවැත්වීමට මුළු මහත් සභාව එක් ව එකඟ වූහ. එබැවින් ඔවුහු තවත් දවස් හතක් ප්‍රීතියෙන් යුතු ව එය පැවැත් වූහ. 24මන්ද යූදා රජු වූ හෙසකියා, ගවයින් දාහක් ද බැටළුවන් හත්දහසක් ද යාග කිරීමට සභාවට දුන්නේ ය. අධිපතීහු ගවයින් දාහක් හා බැටළුවන් දස දහසක් සභාවට දුන්නෝ ය. පූජකයෝ මහත් ගණනක් තමන් ම පවිත්‍ර කර ගත්හ. 25එක් රැස් වූ යූදා මුළු සභාව, පූජකයෝ හා ලෙවීයයෝ ද ඉශ්රායෙල් වෙතින් පැමිණ රැස් වූවෝ ද ඉශ්රායෙල් දේශයෙන් පැමිණි එහි විදේශීය පදිංචිකරුවෝ ද යූදාහි පදිංචිකරුවෝ ද ප්‍රීති ප්‍රමෝද වූහ. 26මෙසේ යෙරුසලමෙහි ඉමහත් ප්‍රීතියක් විය. මන්ද ඉශ්රායෙල් රජු වූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ කාලයෙන් පසු යෙරුසලමෙහි මෙවැන්නක් නො වී ය. 27ඉන්පසු පූජකයෝ හා ලෙවීයයෝ නැගිට, ජනතාවට ආශිර්වාද කළෝ ය. ඔවුන්ගේ කටහඬ අසනු ලැබිණ; ඔවුන්ගේ යාච්ඤාව, උන්වහන්සේගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයට පැමිණියේ ය.
Currently Selected:
2 ලේකම් 30: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: