2 ලේකම් 28
28
යූදාහි ආහාස්ගේ පාලනය
1ආහාස් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමේ රජකම් කළේ ය. ඔහුගේ පියා වූ දාවිත් කළ පරිදි ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ කළේ නැත. 2ඔහු හැසිරුණේ ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගවල ය. ඔහු බාල් දේවතාවුන් සඳහා ලෝහ පිළිම පවා සෑදුවේ ය. 3ඔහු බෙන්-හින්නොම් මිටියාවතේ පූජා පවත්වමින්, ඉශ්රායෙල් ජනයා ඉදිරිපිටින් ස්වාමින්වහන්සේ පලවා හළ ජාතීන්ගේ පිළිකුල්කම්වලට අනුව ඔහු තමාගේ පුත්‍රයින් යාගයක් ලෙස ගින්නෙන් දැවී ය. 4ඔහු උස් තැන් පුදසුන් පිටත්, කඳු මුදුන් පිට සහ අතු විහිදුණු සියලු ගස් යටත් යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දැවී ය.
5එබැවින් ඔහුගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ අරාම්හි රජුගේ අතට ඔහු හසුකර දුන් සේක. අරාම්හි රජු, ඔහු පරදා ඔහුගේ ජනයින් අති විශාල සංඛ්‍යාවක් වහලුන් වශයෙන් අල්ලාගෙන, දමස්කය වෙත ගෙනාවේ ය.
ඉශ්රායෙල් රජු අතට ද ඔහු හසුකර දෙන ලදින්, ඔහු අති ප්‍රබල ව ඔහුට පහර දුන්නේ ය. 6මන්ද රෙමලියාගේ පුත්‍ර පෙකා එක් දවසකදී යූදාහි එක්ලක්ෂ විසිදහසක් මරා දැමී ය. ඒ සියල්ලෝ වික්‍රමාන්විත මිනිස්සු වූහ. එසේ වූයේ ඔවුහු තමන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ අත්හැර තිබූ නිසා ය. 7රජුගේ පුත්‍රයා වූ මාසේයා හා රජ මාලිගයේ අණ දෙන්නා වූ අස්රීකාම් සහ රජුට දෙවෙනි ව අධිපති වූ එල්කානා ද යන අය එප්‍රායිම්හි බලගතු මනුෂ්‍යයකු වූ සික්රී විසින් මරා දැමිණ. 8ඉශ්රායෙල් ජනයා තම නෑදෑයින්ගෙන් කාන්තාවන්, පුත්‍රයින් හා දියණියන් වූ දෙලක්ෂයක් දෙනා අල්ලා ගත්හ. තවද ඔවුන් වෙතින් අධික කොල්ලයක් ද ගත් ඔවුහු එම කොල්ලය සමාරිය වෙත ගෙන ආහ.
9ඕදේද් නම් වූ ස්වාමින්වහන්සේගේ දිවැසිවරයෙක් එහි විය. සමාරිය වෙත පැමිණි හමුදාව හමුවට ගිය ඔහු ඔවුන්ට මෙසේ පැවසී ය. “බලනු! නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ යූදා සමඟ කෝප වී, නුඹලා අතට ඔවුන් හසුකර දුන්නේ ඔවුන් උන්වහන්සේ අත් හළ නිසා ය. එනමුත් නුඹලා වියරුවෙන් ඔවුන් මරා දැමීම, ස්වර්ගය තෙක් නැගී ඇත. 10දැන් යූදාහි හා යෙරුසලමෙහි ජනයා, පුරුෂයින් හා ස්ත්‍රීන්, නුඹලාගේ වහලුන් ලෙස යටත් කර ගැනීම නුඹලාගේ අදහසයි. නුඹලාගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට එරෙහි නුඹලාගේ ම පාප නුඹලාට තිබේ. 11දැන් මට සවන් දෙනු; නුඹලාගේ නෑයින් වෙතින් නුඹලා අල්ලාගත්තවුන් ආපසු යවනු. මන්ද ස්වාමින්වහන්සේගේ රුදුරු උදහස නුඹලා පිට වෙයි.”
12යුද්ධයට ගොස් එමින් සිටි අයට එරෙහිව නැගී සිටි එප්‍රායිම් මනුෂ්‍යයින් වූ යෙහෝහානාන්ගේ පුත්‍ර අසරියා, මෙෂිල්ලෙමොත්ගේ පුත්‍ර බෙරෙකියා, ෂල්ලූම්ගේ පුත්‍ර යෙහිස්කීයා හා හද්ලායිගේ පුත්‍ර අමාසා යන ප්‍රධානී ඇතැම් දෙනෙක් 13ඔවුන්ට කතා කොට, “නුඹලා අල්ලාගත්තවුන් මෙහි නො ගෙන ආ යුතුයි. දැනටමත් ඇති අපගේ පාප හා අපරාධවලට අමතරව ස්වාමින්වහන්සේට එරෙහිව අප පිට තවත් වරද පටවන්න ද නුඹලාගේ අරමුණ? මන්ද දැනටමත් අපේ අපරාධ ඉමහත්. රුදුරු උදහසක් ඉශ්රායෙල්ට එරෙහිව තියේ” යි කීහ.
14එවිට සන්නද්ධ ව සිටි අය අල්ලා ගන්නාලද්දවුන් හා කොල්ලය, අධිපතීන් හා මුළු සභාව ඉදිරියේ තැබූහ. 15එවිට, නම් සඳහන් කරනු ලැබූ මනුෂ්‍යයෝ නැගිට, අල්ලා ගන්නාලද්දවුන් භාරගෙන, ඔවුන් අතරේ නිර්වස්ත්‍ර ව සිටි අයට කොල්ලයෙන් ඇඳුම් හැඳවූහ. ඔවුහු ඔවුනට හඳවා, පාවහන් දී, ආහාර හා පාන ද සපයා, ඔවුන්ට තෙල් ද ගල්වා, බෙලහීන වූවන් බූරුවන් පිට නංවා, තමන්ගේ නෑයින් වූ ඒ සියල්ලන් ඉඳි ගස් නුවර වන යෙරිකෝ වෙත ගෙන ආහ. පසුව ඔවුහු සමාරිය වෙත ආපසු ගියහ.
16ඒ කාලයේ ආහාස් රජු, අසිරියාවේ රජුගෙන් උපකාර ඉල්ලා යැවී ය. 17මන්ද ඒදොම්වරු යළිත් යූදා ආක්‍රමණ කර, එය යටත් කර, මිනිසුන් අල්ලාගෙන ගියහ. 18තවද පිලිස්තිවරු පැමිණ, ෂෙෆේලා#28:18 ෂෙෆේලා බටහිර කඳු බෑවුම් හා යූදාහි නෙගෙබ් යන පුරවර ආක්‍රමණ කර, බෙත්-ෂෙමෙෂ්, අයියාලොන්, ගෙදේරොත් ද සෝකෝ හා එහි ගම්මාන ද තිම්නා හා එහි ගම්මාන ද ගිම්සෝ හා එහි ගම්මාන ද අල්ලාගෙන, ඔවුහු ඒවායේ පදිංචි වූහ. 19මන්ද ස්වාමින්වහන්සේ ඉශ්රායෙල්#28:19 එනම් යූදා රජු වූ ආහාස් නිසා යූදා යටහත් කළ සේක; එසේ කළේ යූදාට පාපකාරී වන්නට හා ස්වාමින්වහන්සේට අතිශය අවිශ්වාසී වන්නට සැලසුවේ ඔහු බැවිනි. 20එබැවින් අසිරියාවේ රජු වූ තිල්ගත්-පිල්නෙසෙර්#28:20 තිල්ගත්-පිල්නෙසෙර් එනම් තිග්ලත්-පිලෙසෙර් ඔහුට එරෙහිව පැමිණ, ඔහු ශක්තිමත් කරනු වෙනුවට ඔහුට පීඩා කළේ ය. 21මන්ද ආහාස් ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් ද රජුගේ හා අධිපතීන්ගේ නිවෙසින් ද වස්තු රැගෙන, අසිරියාවේ රජුට කප්පම් ගෙවී ය. එහෙත් එයින් ඔහුට පලක් නො විණ.
22මෙම ආහාස් රජු, ඔහුගේ විපත් කාලයේ ස්වාමින්වහන්සේට වඩාත් අවිශ්වාසවන්ත විය. 23මන්ද ඔහු තමන් පරාජය ලද දමස්කයේ දෙවිවරුනට යාග පුදමින්, “අරාම්හි රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට උපකාර කළ නිසා, මටත් උපකාර ලැබෙන පිණිස මමත් ඔවුන්ට යාග පුදමි” යි කීවේ ය. එහෙත් ඔහුගේත්, මුළු ඉශ්‍රායෙල්ගේත් විනාශයට හේතු වූයේ ඔවුන් ය.
24දෙවියන්වහන්සේගේ ගෘහයේ වූ බඩු භාණ්ඩ එකට රැස් කළ ආහාස්, දෙවියන්වහන්සේගේ ගෘහයේ වූ බඩු භාණ්ඩ කැබලිවලට කපා, ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරටු වසා දැම්මේ ය. ඔහු යෙරුසලම හැම මුල්ලක ම තමාට පූජාසන තනා ගත්තේ ය. 25තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ කෝපයට පොලඹවමින් ඔහු වෙනත් දෙවිවරුනට යාග ඔප්පු කිරීමට, යූදාහි හැම පුරවරයක ම උස් තැන් පුදසුන් සෑදී ය.
26ඔහු සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ සියලු මාර්ග ද මුල පටන් අග දක්වා යූදා හා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියැවී තිබේ. 27ආහාස් තම පියවරුන් සමඟ සැතපුණෙන්, ඔවුහු පුරවරයේ, එනම් යෙරුසලමෙහි ඔහු භූමදාන කළහ. එහෙත් ඔවුන් ඉශ්රායෙල් රජවරුන්ගේ සොහොන් වෙත ඔහු ගෙනාවේ නැත. ඔහු වෙනුවට ඔහුගේ පුත් හෙසකියා රජකමට පත් විය.
Currently Selected:
2 ලේකම් 28: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: