2 ලේකම් 27
27
යූදාහි යෝතාම් රජු
1යෝතාම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම යෙරූෂා ය. ඈ සාදෝක්ගේ දියණියයි. 2ස්වාමින්වහන්සේගේ මාලිගයට ඔහු ඇතුල් නො වීම හැර, ඔහු තම පියා වූ උස්සියා කර තිබූ සියල්ල පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කළේ ය. එහෙත් ජනයා දිගට ම දූෂිත ක්‍රියාකාරකම්වල නිරත වූහ. 3ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩ නැගූ ඔහු ඔෆෙල් පවුරෙහි බොහෝ ඉදිකිරීම් කළේ ය. 4තවද ඔහු යූදා කඳුකරයේ නගර ඉදි කළේ ය. වන ගහන කඳුකරයේ බළකොටු හා කුලුනු තැනවී ය.
5ඔහු අම්මොන්වරුන්ගේ රජු සමඟ සටන් කොට, ඔවුන්ගෙන් ජය ගත්තේ ය. අම්මොන්වරු ඒ අවුරුද්දේ ඔහුට රිදී තලෙන්ත සියයක්#27:5 මෙට්‍රික් ටොන් 3.4ක් පමණ. ද තිරිඟු සහ යව කෝර දසදහස#27:5 තිරිඟු මෙට්‍රික් ටොන් 1,600ක් පමණ හා බාර්ලි මෙට්‍රික් ටොන් 1,350ක් පමණ. බැගින් ද දුන්හ. දෙවන හා තුන් වන අවුරුදුවලදී ද අම්මොන්වරු ඔහුට එම ප්‍රමාණය ම ගෙවූහ.
6මෙසේ යෝතාම් බලවත් විය. මන්ද ඔහු තමාගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ තම මාර්ග පවත්වා ගත්තේ ය.
7යෝතාම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ යුද්ධ හා ඔහුගේ මාර්ග ගැන ද ඉශ්‍රායෙල් හා යූදා රජවරුන්ගේ පොතේ ලියැවී තිබේ. 8යෝතාම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. 9යෝතාම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, ඔවුහු දාවිත් පුරයේ ඔහු භූමදාන කළහ. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජකමට පත් විය.
Currently Selected:
2 ලේකම් 27: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: