YouVersion Logo
Search Icon

2 ලේකම් 22

22
යූදාහි අහසියා රජු
1යෙරුසලමේ ජනතාව, ඔහු වෙනුවට යෙහෝරාම්ගේ බාල පුත් අහසියා, රජකමට පත් කළහ. මන්ද අරාබිවරුන් සමඟ කඳවුර තුළට පැමිණි ආක්‍රමණිකයින් විසින් වැඩිමහල් පුතුන් සියලු දෙනා මරා දමා තිබිණි. එබැවින් යූදා රජු වූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කරන්නට පටන් ගත්තේ ය.
2අහසියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක්#22:2 විසිදෙකක් සමහර ග්‍රීක් සහ සිරියැක් පිටපත්වලට අනුව ය; හෙබ්‍රෙව් හතළිස් දෙකක් විය. ඔහු යෙරුසලමේ එක් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඇය ඔම්රීගේ මිණිබිරියකි.
3ඔහු ද ආහාබ්ගේ වංශයේ මාර්ගවල පැවතිණ. මන්ද දුෂ්ටකම් කිරීමට ඔහුට උපදෙස් දුන්නේ ඔහුගේ මවයි. 4ආහාබ්ගේ වංශය කර තිබූ පරිද්දෙන් ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. මන්ද ඔහුගේ පියාගේ අභාවයෙන් පසු ඔහු විනාශයට පත් වන පිණිස ඔහුගේ උපදේශකයින් වූයේ ඔවුන් ය. 5ඔහු ඔවුන්ගේ උපදෙස් පිළිපැද, ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්ගේ පුත් යෙහෝරාම්#22:5 යෙහෝරාම් හෙවත් යෝරාම් සමඟ අරාම්හි රජු වූ හසායෙල්ට එරෙහිව රාමොත්-ගිලියාද්හි යුද්ධ කරන්නට ගියේ ය. අරාම්වරු යෙහෝරාම්ට තුවාල කළහ. 6එබැවින් අරාම්හි රජු වූ හසායෙල් සමඟ රාමාහි#22:6 රාමාහි හෙවත් රාමොත්හි සටනේදී ඔවුන් ඔහුට කළ තුවාල සුව කර ගැනීමට ඔහු යෙස්රෙයෙල් වෙත ආපසු ආවේ ය.
ආහාබ්ගේ පුත් යෙහෝරාම් තුවාල ලබා සිටි බැවින්, ඔහු බලන්නට යූදාහි රජු වූ යෙහෝරාම්ගේ පුත් අසරියා#22:6 අසරියා ග්‍රීක්, ලතින්, සිරියැක් සහ ඇතැම් හෙබ්‍රෙව් පිටපත්වලට අනුව අහසියා, යෙස්රෙයෙල් වෙත ගියේ ය.
7එහෙත් අහසියා, යෝරාම් බලන්නට යෑම නිසා එමඟින් ඔහුගේ වැටීයාම දෙවියන්වහන්සේ විසින් නියම කෙරිණි. අහසියා පැමිණි කල ඔහු යෙහෝරාම් කැටුව නිම්ෂීගේ පුත් යේහූ මුණගැසෙන පිණිස පිටත් ව ගියේ ය. ආහාබ්ගේ වංශය විනාශ කිරීමට ස්වාමින්වහන්සේ ආලේප කර තිබූ තැනැත්තා ඔහු ය. 8යේහූ, ආහාබ්ගේ වංශය පිට විනිශ්චය ඉටු කරමින් සිටියදී, යූදා අධිපතීන් ද අහසියාට මෙහෙ කළ අහසියාගේ සහෝදරයින්ගේ පුතුන් ද ඔහුට හමු විණි. ඔහු ඔවුන් මරා දැමී ය. 9ඉන්පසු ඔහු අහසියා සොයා ගියේ ය. ඔහු සමාරියේ සැඟවී සිටියදී ඔහුගේ මිනිස්සු ඔහු අල්ලා ගත්හ. ඔහු යේහූ වෙත ගෙනෙන ලදුව මරා දැමිණ. ඔවුහු කතා කොට, “මොහු තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේ සෙවූ යෙහෝෂාෆාට්ගේ පුතෙකැ” යි පවසමින්, ඔහු භූමදාන කළහ. එබැවින් රාජ්‍යය ඉදිරියට ගෙන යන්නට කෙනකු අහසියාගේ වංශයේ සිටියේ නැත.
අතලියා හා යෝවාෂ්
10තවද අහසියාගේ මව වූ අතලියා තම පුතු මැරුණු වග දුටු කල, නැගිට මුළු යූදා රාජවංශික පවුල ම විනාශ කළා ය. 11එහෙත් රජුගේ දියණිය වූ යෙහෝෂබත්#22:11 යෙහෝෂබත් හෙවත් යෙහෝෂෙබා, අහසියාගේ පුත් යෝවාෂ් රැගෙන, මරන්නට නියම ව සිටි රජ කුමාරයින් අතරෙන් ඔහු හොර රහසේ වෙන් කොට ගෙන ගොස්, ඔහුත්, ඔහුගේ කිරි මවත් යහන් කුටියක් තුළ තැබුවා ය. යෙහෝරාම් රජුගේ දියණිය ද පූජක යෙහෝයාදාගේ බිරිඳ ද වූ යෙහෝෂබත්, අහසියාගේ සහෝදරිය වූ නිසා දරුවා මරන්නට නො හැකි වන පරිදි අතලියා වෙතින් ඔහු සැඟෙවුවා ය. 12අතලියා දේශය පාලනය කළ අතරතුරේ ඔහු ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයේ නැවතී, අවුරුදු හයක් සැඟවී සිටියේ ය.

Currently Selected:

2 ලේකම් 22: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for 2 ලේකම් 22