2 ලේකම් 18
18
යෙහෝෂාෆාට් හා ආහාබ්
1තවද මහත් වස්තුව ද ගෞරවය ද යෙහෝෂාෆාට් සතුවිය. ඔහු විවාහය මගින් ආහාබ් සමඟ සන්ධානගත විය. 2වසර කීපයකට පසු, ඔහු ආහාබ් බැහැදකින පිණිස සමාරිය බලා ගියේ ය. ආහාබ්, යෙහෝෂාෆාට් සහ ඔහු සමඟ සිටි මිනිසුන් උදෙසා බොහෝ බැටළුවන් ද ගවයින් ද මරා, ඔහු රාමොත්-ගිලියාද්ට එරෙහිව යන පිණිස පොලඹවා ගත්තේ ය. 3ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්, යූදා රජු වූ යෙහෝෂාෆාට් අමතමින්, “රාමොත්-ගිලියාද්ට එරෙහිව ඔබ මා සමඟ යනවා දැ” යි ඇසී ය.
යෙහෝෂාෆාට්, පිළිතුරු දෙමින්, “මමත් ඔබ වගෙයි; මගේ ජනයා ඔබේ ජනයා වගෙයි; යුද්ධයේදී අප ඔබ සමඟ යැ” යි කී ය. 4තවද යෙහෝෂාෆාට් ඉශ්‍රායෙල් රජු අමතමින්, “පළමුවෙන් ස්වාමින්වහන්සේගේ වචනයෙන් විමසන්නැ” යි කීවේ ය.
5එවිට ඉශ්‍රායෙල් රජු දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කර, ඔවුන් අමතා, “අප රාමොත්-ගිලියාද්ට එරෙහිව යුද්ධයට යන්න ද? නැතහොත් මා ඉන් වැළකී ඉන්න දැ” යි ඇසී ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “යන්න; මන්ද දෙවියන්වහන්සේ එය රජු අතට හසුකර දෙන සේකැ” යි කීහ.
6එහෙත් යෙහෝෂාෆාට්, ඔහු අමතමින්, “අපට විමසිය හැකි ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු මෙහි තවත් නැද්දැ” යි ඇසී ය.
7ඉශ්‍රායෙල් රජු යෙහෝෂාෆාට් හට පිළිතුරු දෙමින්, “අපට ස්වාමින්වහන්සේගෙන් විමසිය හැකි එක් මිනිසෙක් තවමත් මෙහි සිටී. ඔහු ඉම්ලාගේ පුත් මීකායා ය; එහෙත් ඔහු නිතර ම මා ගැන නරකක් මිස හොඳක් දිවැස් වැකියෙන් නො කියන නිසා මම ඔහුට වෛර කරමි” යි පැවසී ය.
එවිට යෙහෝෂාෆාට්, “රජු එසේ නො කියත්වා” යි කීවේ ය.
8එවිට ඉශ්‍රායෙල් රජු තම නිලධාරියකු කැඳවා, “ඉම්ලාගේ පුත් මීකායා වහාම මෙහි කැඳවා ගෙනෙන්නැ” යි පැවසී ය.
9ඉශ්‍රායෙල් රජු හා යූදා රජු වූ යෙහෝෂාෆාට් තම රාජ වස්ත්‍රයෙන් සැරසී, සමාරියේ දොරටු පිවිසුම අසල වූ කමතේ තම සිංහාසන මත අසුන් ගෙන සිටියහ. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැසි වැකි පවසමින් සිටියහ. 10කෙනානාගේ පුත් සෙදෙකියා යකඩ අං සාදා ගෙන, “ ‘ඔබ අරාම්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇතැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි කීවේ ය.
11සෙසු සියලු දිවැසිවරු ද එය ම දිවැස් වැකියෙන් පවසමින්, “රාමොත්-ගිලියාද්ට පහර දී ජය ගන්න. මන්ද ස්වාමින්වහන්සේ එය රජු අතට හසුකර දෙන සේකැ” යි කීහ.
12මීකායා කැඳවාගෙන ඒමට ගිය පණිවුඩකරු ඔහු අමතා, “මේ බලන්න, දිවැසිවරුන් හැම පවසන වචන එක සමාන ව රජුට වාසිදායකයි; ඔබේ වචනය ද ඔවුන්ගේ වචනයට එකඟ ව සතුටුදායක ව පැවසීම යහපතැ” යි කීවේ ය.
13එහෙත් මීකායා පැවසුවේ, “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මට පැවසිය හැක්කේ දෙවියන්වහන්සේ මට පවසන දේ පමණකි” කියා ය.
14ඔහු රජු වෙත පැමිණි කල, රජු ඔහු අමතමින්, “මීකායා, අප රාමොත්-ගිලියාද්ට එරෙහිව යුද්ධයට යන්න ද? නැති නම් මා ඉන් වැළකී සිටින්න දැ” යි ඇසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “ගොසින් ජය ගන්න; රජුගේ අත්වලට ඔවුන් හසුකර දෙනු ලැබේ යැ” යි පැවසී ය.
15එවිට රජු, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙනකක් නො කියන ලෙසට කී වරක් මා නුඹ දිවුරවන්නට ඕනෑ දැ?” යි ඇසී ය.
16මීකායා පිළිතුරු දෙමින්, “මුළු ඉශ්‍රායෙල් එඬේරකු නැති බැටළුවන් මෙන් කඳු පිට විසිරී සිටිනවා දැක්කෙමි; ස්වාමින්වහන්සේ පවසන්නේ, ‘මේ ජනයාට හාම්පුතෙක් නැත. එකිනෙකා තම තමාගේ ගෙදරට සාමයෙන් හැරී යේවා’ යි කියා යැ” යි කීවේ ය.
17ඉශ්‍රායෙල් රජු යෙහෝෂාෆාට් අමතා, “මා පිළිබඳව මොහු නපුරක් මිස හොඳක් දිවැස් වැකියෙන් පවසන්නේ නැති වග මා ඔබට කීවේ නැද්දැ?” යි කීවේ ය.
18මීකායා තවදුරටත් කියනුයේ, “එබැවින් ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න: ස්වාමින්වහන්සේ ස්වකීය සිංහාසනයේ හිඳ සිටිනු ද ස්වර්ගීය සියලු සේනා උන්වහන්සේ වටා උන්වහන්සේගේ දකුණු පස හා වම් පස සිටගෙන සිටිනු ද දුටුවෙමි. 19ස්වාමින්වහන්සේ කතා කොට, ‘රාමොත්-ගිලියාද්ට ගොසින්, වැටී යන පිණිස ඉශ්‍රායෙල්හි ආහාබ් රජු පොලඹවන්නේ කවුරු දැ’ යි ඇසූ සේක.
“එවිට කෙනෙක් එකක් ද අන් කෙනෙක් තවෙකක් ද යෝජනා කළහ. 20අන්තිමේදී ආත්මයක් ඉදිරියට අවුත්, ස්වාමින්වහන්සේ අබියස සිටගෙන, ‘මම ඔහු පොලඹවන්නෙමි’ යි පැවසී ය.
“ ‘ඒ කොහොම දැ’ යි ස්වාමින්වහන්සේ ඔහුගෙන් විමසූ සේක.
21“ ‘ඔහු කතා කොට, මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළ බොරුකාර ආත්මයක් වන්නෙමි’ යි පැවසී ය.
“එවිට උන්වහන්සේ, ‘ඔබ ඔහු පොලඹවනු ඇත; යන්න, එසේ කරන්නැ’ යි පැවසූ සේක.
22“එබැවින් ඔන්න! ස්වාමින්වහන්සේ දැන් ඔබේ මේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළට බොරුකාර ආත්මයක් තබලා; ස්වාමින්වහන්සේ ඔබට විපත්තිය ප්‍රකාශයට පත් කරලා” යි පැවසී ය.
23එවිට කෙනානාගේ පුත් සෙදෙකියා නැගිට, මීකායාගේ කම්මුලට ගසා, “ස්වාමින්වහන්සේගේ ආත්මය නුඹට කතා කරන්නට මා වෙතින් ඉවත් ව ගියේ කුමන මාර්ගයෙන් දැ?” යි ඇසී ය.
24මීකායා පිළිතුරු දෙමින්, “නුඹ සැඟවෙන්නට ඇතුල් කුටියකට යන දවසේ එය දකිනු ඇතැ” යි කීවේ ය.
25එවිට ඉශ්‍රායෙල් රජු නියෝගයක් කරමින්, “මීකායා අල්ලා, පුරයේ ආණ්ඩුකාර ආමොන් හා රජුගේ පුත් යෝවාෂ් වෙත ආපසු ගෙන යනු; 26‘මා සුරක්ෂිත ව එන තුරු මොහු සිර ගෙයි ලා තබනු; මොහුට රොටි හා වතුර මිස වෙන කිසිවක් නො දිය යුතු’ ය කියා රජු පවසතැයි ඔවුන්ට කියන්නැ” යි කීවේ ය.
27එවිට මීකායා, “ඔබ සුරක්ෂිත ව ආපසු ආවොත්, ස්වාමින්වහන්සේ මා තුළින් කතා නො කළ සේකැ” යි පැවසී ය. ඔහු නැවතත්, “සියලු ජනයෙනි, අහගන්නැ” යි ද පැවසී ය.
ආහාබ්ගේ මරණය
28තවද ඉශ්‍රායෙල් රජු හා යූදා රජු වූ යෙහෝෂාෆාට්, රාමොත්-ගිලියාද් වෙත ගියහ. 29ඉශ්‍රායෙල් රජු, යෙහෝෂාෆාට් අමතා, “මම වෙස් වළාගෙන යුද්ධයට යන්නෙමි. එහෙත් ඔබ රාජ වස්ත්‍ර හැඳගන්නැ” යි පැවසී ය. මෙසේ ඉශ්‍රායෙල් රජු වෙස් වළා ගත්තේ ය. ඉන්පසු ඔවුහු සටනට ගියහ.
30අරාම්හි රජු තම රථාධිපතීන්ට අණ දී තිබුණේ, “ඉශ්‍රායෙල් රජු සමඟ පමණක් මිස ලොකු කුඩා කිසිවකු සමඟ සටන් කළ යුතු නැත” කියා ය. 31රථාධිපතීන් යෙහෝෂාෆාට් දුටු කල, “සැබවින් ම මේ ඉන්නේ ඉශ්‍රායෙල් රජු යැ” යි සිතූහ. එබැවින් ඔවුහු ඔහුට පහර දෙන පිණිස හැරුණෝ ය. එහෙත් යෙහෝෂාෆාට් මොර ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔහුට පිහිට වූ සේක. දෙවියන්වහන්සේ ඔහු වෙතින් ඔවුන් ඉවතට යැවූ සේක. 32ඒ ඉශ්‍රායෙල් රජු නො වන වග දුටු රථාධිපතීහු ඔහු ලුහුබැඳ යෑම නතර කළහ.
33එහෙත් කෙනෙක් අහම්බෙන් තම දුන්න තැත් කවා, ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ කොටස් අතරට විද්දේ ය. රජු තම රථාචාරියා අමතා, “රථය හරවාගෙන යුද්ධයෙන් පිටතට මා ගෙන යන්න. මන්ද මට තුවාල වී යැ” යි කීවේ ය. 34දවස පුරා ම යුද්ධය පැවතිණි. රජු ආධාර ඇතුව අරාම්වරුන්ට මුහුණ ලා රථයේ සිටවනු ලැබී ය. එදින හිරු බැස යද්දී ඔහු මිය ගියේ ය.
Currently Selected:
2 ලේකම් 18: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: