2 ලේකම් 1
1
ප්‍රඥාව හා දැනගැන්ම ඉල්ලීම
1සාලමොන්, දාවිත්ගේ පුත්‍රයා, තම රාජ්‍යයෙහි තමා ම ස්ථාවර කර ගත්තේ ය; ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔහු සමඟ සිටි සේක්, අතිශයෙන් ඔහු උසස් කළ සේක.
2සාලමොන් දහසකගේ හා සියයකගේ සෙන්පතීන්ට ද විනිසුරුවන්ට ද පියවංශ ප්‍රධානීන් වන ඉශ්රායෙල්හි සියලු නායකයින්ට ද යන මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කළේ ය. 3පසුව, සාලමොන් ද ඔහු සමඟ එසේ එක් රැස් වූවෝ ද ගිබෙයොන්හි උස් තැන් පුදසුන වෙත ගියහ. මන්ද ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් විසින් පාළුකරයේ සාදා තිබූ දෙවියන්වහන්සේගේ හමුවීමේ කූඩාරම තිබුණේ එහි ය. 4දෙවියන්වහන්සේගේ කරඬුව, දාවිත්, කිරියත්-යෙයාරීම් සිට දාවිත් ම ඊට සූදානම් කර තිබූ ස්ථානයට ගෙනැවිත් තිබිණි. මන්ද ඔහු ඒ සඳහා කූඩාරමක් යෙරුසලමෙහි පිහිටුවා තිබිණි; 5එහෙත් හූර්ගේ පුත්, ඌරීගේ පුත් බෙසලෙල් විසින් සාදා තිබූ ලෝකඩ පූජාසනය, ගිබෙයොන්හි ස්වාමින්වහන්සේගේ මණ්ඩපය අබියස තිබිණි; එබැවින් සාලමොන් හා එක් රැස් වූවෝ එයින් විමසූහ. 6හමුවීමේ කූඩාරමෙහි ස්වාමින්වහන්සේ අබියස තිබූ ලෝකඩ පූජාසනය වෙත ගිය සාලමොන්, ඒ පිට දවන යාග පූජා දහසක් ඔප්පු කළේ ය.
7ඒ රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී, “මා, ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක.
8එවිට සාලමොන් දෙවියන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක්, ඔහුගෙන් පසු, රජකමට මා පත් කළ සේක. 9අහෝ ස්වාමින්වහන්ස, දෙවියන්වහන්ස, දැන් මගේ පියා වූ දාවිත්ට ඔබ දුන් පොරොන්දුව ස්ථිර කරනු ලැබේවා! මන්ද පොළොවේ දූවිලි වැනි වූ අධිකතර ජනතාවක් කෙරෙහි ඔබවහන්සේ මා රජකමට පත් කළ සේක. 10මේ ජනතාවට මග පෙන්වන පිණිස දැන් මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද ඔබවහන්සේගේ මේ අති මහත් ජනතාව ආණ්ඩු කළ හැක්කේ කවරකුට දැ?” යි පැවසී ය.
11දෙවියන්වහන්සේ, සාලමොන් අමතමින්, “ඔබේ හදේ තිබුණේ මෙය බැවින්, ඔබ වස්තුව, ධනය, ගෞරවය හෝ ඔබට වෛරකරන්නන්ගේ ජීවිතයවත්, අඩු වශයෙන් දීර්ඝායුවත් නො ඉල්ලා, මගේ ජනයාට රජකම් කිරීමට මා විසින් පත් කළ ඔබට, ඔවුන් ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවත්, දැනගැන්මත් ඉල්ලූ බැවින්, 12ප්‍රඥාවත්, දැනගැන්මත් ඔබට දෙනු ලැබේ. තවද, ඔබට කලින් සිටි කිසි රජකුට නො තිබුණ, ඔබෙන් පසුව කිසි රජකුට නො ලැබෙන අන්දමේ ධනය, වස්තුව හා ගෞරවයත් මම ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක.
13එබැවින් සාලමොන්, ගිබෙයොන්හි උස් තැන් පුදසුන වෙතින්, හමුවීමේ කූඩාරම අබියස වෙතින් යෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්රායෙල් කෙරේ රජකම් කළේ ය.
14සාලමොන් අශ්ව-රථ හා අශ්වයින් රැස් කර ගත්තේ ය. ඔහුට රථ එක්දහස් හාරසියයක් හා අශ්වයින්#1:14 අශ්වයින් හෝ රථාචාරීන් දොළොස් දහසක් වූහ. ඔහු ඒවා, රථගාල් නගරවල ද රජු සමඟ යෙරුසලමේ ද තැබී ය. 15රජු යෙරුසලමෙහි රිදී හා රන් ගල් මෙන් සුලබ වන්නටත්, දේවදාර ගස්, කඳු බෑවුම්හි#1:15 කඳු බෑවුම්හි හෙබ්‍රෙව් ෂෙෆේලා සිකමෝර් අත්තික්කා මෙන් බහුල වන්නටත් සැලසී ය. 16සාලමොන්ගේ අශ්වයින් ඊජිප්තුවෙන් ද කුවේ දේශයෙන් ද ආනයන කෙරිණ. රජුගේ වෙළෙන්දෝ කුවේ දේශයෙන් උන් මිල දී ගත්හ. 17ඔවුහු රථයක් රිදී ෂෙකෙල් හයසීයක්#1:17 කිලෝග්‍රෑම් 6.9ක් පමණ බැගින් ද අශ්වයකු රිදී ෂෙකෙල් එකසිය පනහක් බැගින් ද ඊජිප්තුවෙන් ආනයන කළහ. ඔවුහු උන් හිත්තිවරුන්ගේ හා අරාම්වරුන්ගේ රජවරුන්ට අපනයන කළහ.
Currently Selected:
2 ලේකම් 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: