1 තිමෝති 2:1-2
1 තිමෝති 2:1-2 SCV
සියල්ලට පළමු උදක් ම මා කියා සිටින්නේ, ඉල්ලීම්, යාච්ඤා, මැදහත්කම් හා ස්තුති දීම් සියලු දෙනා උදෙසා කරන ලෙසයි. හැම අතින් ම භක්තියෙන් හා ගෞරවයෙන් යුතු ව සාමකාමී, නිසසල ජීවිතයක් ගත කරන පිණිස, රජුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා එසේ කරන්න.






