1 තිමෝති 1:14-16
1 තිමෝති 1:14-16 SCV
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල හා ප්‍රේමය සමඟ මා උදෙසා වූ අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය පිටාර ගැලී ය. විශ්වසනීය වූත්, මුළුමනින් පිළිගැනීමට යෝග්‍ය වූත් කියමනකි: පව්කරුවන් ගලවන්නට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට පැමිණි සේක යන්න. ඔවුන්ගෙන් ලොකුම පව්කරුවා මා ය. මා දයාව ලද්දේ මේ හේතුවෙනි; සදාතන ජීවනය සඳහා උන්වහන්සේ තුළ විශ්වාස කරන්නට සිටිනවුනට ආදර්ශයක් වශයෙන්, ලොකුම පව්කරුවා වන මා තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ ඉවසීම ප්‍රදර්ශනය කරන පිණිස ය.









