1 සාමුවෙල් 7:3-6
1 සාමුවෙල් 7:3-6 SCV
සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කතා කොට, “නුඹලාගේ මුළු හදින් නුඹලා ස්වාමින්වහන්සේ වෙත හැරී එනවා නම්, විදේශීය දෙවිවරුන් හා අෂ්තොරෙත් නුඹලා අතරින් පහ කර දමනු. ස්වාමින්වහන්සේ වෙත හදවත යොමා, උන්වහන්සේට පමණක් සේවය කරනු. එවිට උන්වහන්සේ පිලිස්තිවරුන් අතින් නුඹලා ගලවා ගනු ඇතැ” යි කීවේ ය. එබැවින් ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ බාල් දේවතාවුන් සහ අෂ්තොරෙත් දේවතාවන් ඉවත දමා, ස්වාමින්වහන්සේට පමණක් සේවය කරන්නට වන්හ. එකල සාමුවෙල් කතා කොට, “සියලු ඉශ්‍රායෙල්වරුන් මිස්පා වෙත එක් රැස් කරන්න. ඔබ උදෙසා මම, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නෙමි” යි කීවේ ය. මිස්පාහි එක් රැස් වූ ඔවුහු වතුර ඇද, ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ වැගිරවූහ. ඒ දවසේ ඔවුහු නිරාහාර ශීලය රක්ෂා කළෝ, “ස්වාමින්වහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි පාපොච්චාරණ කළෝ ය. සාමුවෙල් මිස්පාහි දී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කළේ ය.





