YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 26:7-11

1 සාමුවෙල් 26:7-11 SCV

මෙසේ දාවිත් හා අබිෂයි ඒ රැයේ සේනාව වෙත ගියහ. සාවුල් කඳවුර ඇතුළත වැතිරී, නිදා සිටියේ ය. ඔහුගේ හෙල්ලය ඔහුගේ හිස අසලින් බිම ඇන තිබිණ. අබ්නේර් ද සේනාව ද ඔහු වටා වැතිර සිටියහ. එවිට අබිෂයි, දාවිත් අමතමින්, “දෙවියන්වහන්සේ අද දවසේ ඔබේ සතුරා ඔබේ අතට හසුකර දී ඇත. ඔහු බිමට ඇමිණෙන සේ, එක් හෙල්ල පහරකින් ඔහුට අනින්නට මට ඉඩ දෙන්න. දෙවරක් මා ඔහුට අනින්නේ නැතැ” යි කීවේ ය. එහෙත් දාවිත් අබිෂයි වළකමින්, “ඔහු නසන්න එපා. ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට අත තබා, දෝෂ රහිත ව සිටිය හැක්කේ කවරකුට ද?” දාවිත් කතා කරමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේ ම ඔහුට පහර දෙන සේක; ඔහුගේ කාලය පැමිණ, ඔහු මියෙනු ඇත. නැතහොත් ඔහු සටනට ගොස්, විනාශ වනු ඇත. එහෙත්, ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට එරෙහිව අත එසවීමෙන් ස්වාමින්වහන්සේ මා වළකන සේක්වා. දැන් ඔහුගේ හිස අද්දර තිබෙන හෙල්ලයත්, වතුර බඳුනත් අරගන්න. අපි මෙතැනින් යමු” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 26:7-11