1 රාජාවලිය 6
6
දේව මාලිගය ගොඩනැගීම
1ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තු දේශයෙන් පිටතට පැමිණි පසු හාරසිය අසූ#6:1 හෙබ්‍රෙව් අනුව ය. ග්‍රීක හාරසිය හතළිස් වන වන අවුරුද්දේ, සාලමොන් ඉශ්‍රායෙල් කෙරේ රාජ්‍යයට පත් හතර වන වසරේ දෙවන මාසය වූ සිව් මාසයේ, ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහය ඉදි කිරීම ඇරඹී ය.
2සාලමොන් රජු, ස්වාමින්වහන්සේ උදෙසා ගොඩ නැගූ ගෘහය දිගින් රියන් හැටකි#6:2 මීටර් 27ක් පමණ; පළලින් රියන් විස්සකි;#6:2 මීටර් 9ක් පමණ උසින් රියන් තිහකි#6:2 මීටර් 14ක් පමණ. 3ගෘහයේ ප්‍රධාන ශාලාව ඉදිරියෙන් වූ පිවිසුම් මළුවේ දිග, ගෘහයේ පළලට අනුව රියන් විස්සකි#6:3 මීටර් 9ක් පමණ 16 හා 20 වන පදවල ද එසේ ම ය.. එය ගෘහයට ඉදිරිපිටින් රියන් දහයක්#6:3 මීටර් 4.5ක් පමණ. 23-26 පදවල ද එසේ ම ය. ඉදිරියට නෙරා තිබිණි. 4ඔහු ගෘහයේ ඇතුළට නෙරා ගිය පටු කවුළු සෑදවී ය. 5ප්‍රධාන ශාලාව සහ ඇතුළු ශුද්ධස්ථානය වටකර ගෘහයේ බිත්ති ඉදිරිපිටින් ඔහු පැති කාමර තැනවී ය. එහි වටේට පැති කාමර තිබිණි. 6බිම් මහලේ පළල රියන් පහකි#6:6 මීටර් 2.3ක් පමණ. 10 හා 24 පද ද එසේ ම ය.. මැද මහලේ පළල රියන් හයකි. තුන් වන මහලේ පළල රියන් හතකි. එක් මහලක් අනෙක් මහල මත පිහිටන සේ ගෘහයේ ප්‍රධාන බිත්ති පිටතින් වටේට ඔහු ගැටියක් සෑදවී ය. එසේ කළේ රැඳවුම් බාල්කවලින් බිත්ති සිදුරු නො වන පිණිස ය.
7ගෘහය ඉදිකිරීමේදී ගල් වළේදී නිම කළ ගල් පමණක් භාවිත කෙරිණි. එබැවින් ඉදිකිරීම් කටයුතුවලදී මිටියක, නියනක හෝ වෙනත් යකඩ ආයුධයක හඬක්, ගෘහයේ වැඩ බිමෙන් නෑසිණි.
8බිම් මහලේ දොරටුව, ගෘහයට දකුණු පැත්තේ විය; පඩි පෙළ, මැද-මහල දක්වාත්, එතැන් සිට තුන් වන මහල දක්වාත් විය. 9මෙසේ ඔහු බාල්ක හා දේවදාර ලෑලිවලින් පියස්ස නිමවමින් ගෘහය තනා, සම්පූර්ණ කළේ ය. 10ඔහු මුළු ගෘහය දිගේ පැති කාමර තැනවී ය. ඒ එකින් එක උස රියන් පහක් විය. දේවදාර දැව බාල්ක මගින් ඒවා ගෘහයට සම්බන්ධ කෙරිණි.
11මේ අතර ස්වාමින්වහන්සේගේ වචනය සාලමොන් වෙත පැමිණියේ ය: 12“ඔබ ඉදිකරන මේ ගෘහය පිළිබඳව මා කියන්නේ මෙයයි: ඔබ මගේ නියෝග අනුගමන කරමින්, මගේ නියමයන් පවත්වා, මගේ සියලු ආඥා රක්ෂා කොට, ඒවාට කීකරු වන්නේ නම්, ඔබේ පියා වූ දාවිත්ට මා විසින් දෙන ලද පොරොන්දුව ඔබ මගින් මම ඉටු කරන්නෙමි. 13මම ඉශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරන්නෙමි. මගේ ජනතාව වන ඉශ්‍රායෙල් මම අත්හැර නො දමන්නෙමි.”
14සාලමොන් ගෘහය තනා, සම්පූර්ණ කළේ ය. 15ඔහු බිත්තිවල ඇතුල් පැත්ත දේවදාර ලෑලි අල්ලා, ගෘහයේ බිම පටන් සීලිම දක්වා පනේල අල්ලා, ගෘහයේ බිම, සයිප්‍රස් ලීයෙන් වැසී ය. 16ඔහු ගෘහය ඇතුල් කෙළවර කොටසේ රියන් විස්සක කොටසක් බිම පටන් සීලිම දක්වා දේවදාර ලෑලිවලින් බෙදා වෙන් කොට, ගෘහයේ ඇතුළත ඇතුළු ශුද්ධස්ථානය හෙවත් අතිශුද්ධස්ථානය නිමැවී ය. 17ඊට ඉදිරිපිටින් වූ ප්‍රධාන ශාලාව, දිගින් රියන් හතළිහකි#6:17 මීටර් 18ක් පමණ.. 18ගෘහය ඇතුළත දේවදාර ලීයෙහි කැකිරි ද පිපුණු මල් ද කැටයම් කර තිබිණි. සියල්ල ම දේවදාර මිස, කිසි ගලක් පෙනෙන්නට තිබුණේ නැත.
19ගෘහය තුළ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව තැන්පත් කර තබන ඇතුළු ශුද්ධස්ථානය ඔහු නිමැවී ය. 20ඇතුළු ශුද්ධස්ථානය දිගින් රියන් විස්සකි. පළලින් රියන් විස්සකි. උසින් රියන් විස්සකි. ඔහු ඇතුළත පවිත්‍ර අමිශ්‍ර රනින් වැසුවේ ය. ඔහු දේවදාර පූජාසනය ද එසේ වැසුවේ ය. 21සාලමොන් ගෘහය ඇතුළත අමිශ්‍ර රනින් වැසී ය. ඔහු රන් දම්වැල්, ඇතුළු ශුද්ධස්ථානය ඉදිරිපිට එය හරහා ඇද්දේ ය. 22මෙසේ ඔහු ගෘහය මුළුල්ල, ඇතුළත රනින් වැසී ය. ඔහු, ඇතුළු ශුද්ධස්ථානයට අයත් පූජාසනය ද රනින් වැසුවේ ය.
23ඔහු ඇතුළු ශුද්ධස්ථානය තුළ ඔලීව ලීයෙන් රියන් දහයක් උසින් යුතු කෙරුබ්වරුන් දෙදෙනකු නිමැවී ය. 24පළමු කෙරුබ්වරයාගේ එක් පියාපතක දිග රියන් පහකි. අනෙක් පියාපතේ දිග රියන් පහකි. එක් පියාපත් කෙළවරක සිට අනෙක් පියාපත් කෙළවර දක්වා දිග රියන් දහයකි. 25දෙවන කෙරුබ්වරයා ද රියන් දහයකි. කෙරුබ්වරුන් දෙදෙනා ම ප්‍රමාණයෙන් හා හැඩයෙන් එක සමාන විය. 26එක් එක් කෙරුබ්වරයාගේ උස රියන් දහයකි. 27පියාපත් විහිද සිටින සේ ඔහු කෙරුබ්වරුන් ගෘහයේ ඇතුළාන්ත කොටසේ පිහිටුවී ය. එක් කෙරුබ්වරයකුගේ එක් පියාපතක් එක් බිත්තියක වදින සේ ද අනෙක් කෙරුබ්වරයාගේ පියාපතක කෙළවර අනෙක් බිත්තියේ වදින සේ ද ඔවුන්ගේ අනෙක් පියාපත් දෙක ගෘහයේ හරි මැද එකිනෙකට වදින සේ ද තිබිණි. 28ඔහු කෙරුබ්වරුන් ද රනින් වැසී ය.
29ගෘහයේ ඇතුළු හා පිටත කාමර වටා සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප, ඉඳි ගස් හා විකසිත මල් කැටයම් කරවී ය. 30තවද ගෘහයේ ඇතුළු හා පිටත කාමර බිම, ඔහු රනින් වැසී ය.
31ඇතුළු ශුද්ධස්ථානයට පිවිසීම සඳහා ඔහු ඔලීව ලීයෙන් දොරවල් සෑදුවේ පැති පහකින් යුත්#6:31 මෙම පදයේ හෙබ්‍රෙව් පාඨයේ තේරුම අවිනිශ්චිතයි. 33 වෙනි පදයේ ද එසේ ම ය. උළුවහු සහිත ව ය. 32ඔහු ඔලීව ලී දොරවල් දෙක මත කෙරුබ් රූප, ඉඳි ගස් හා විකසිත මල් කැටයම් කළේ ය. ඔහු කෙරුබ් රූ හා ඉඳි ගස් මත, තැලූ රන් වැද්දවී ය. 33ඒ අයුරින් ම ඔහු ප්‍රධාන ශාලා පිවිසුම, ඔලීව ලීවලින් පැති හතරකින් යුත් උළුවහු කණු සෑදී ය. 34තවද ඔහු එක් දොරකට ඇකුළුම් පියන් පත් දෙක බැගින් යුතු දොර දෙකක් සයිප්‍රස් ලීයෙන් තැනවී ය. 35ඔහු ඒවායේ ද කෙරුබ් රූප, ඉඳි ගස් හා විකසිත මල් කැටයම් කොට, ඒ කැටයම් මත එක මට්ටමට රත්රන් වැද්දවී ය.
36ඔහු ගල් පේළි තුනකින් හා සකසන ලද දේවදාර බාල්ක පේළියකින් යුතු ව ඇතුළු මළුව තැනවී ය.
37 ස්වාමින්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන ලද්දේ හතර වන වසරේ, සිව් මාසයේදී ය. 38එකොළොස් වෙනි වසරේ, අට වන මාසය වන බූල් මාසයේ ගෘහය ඇතුළු එහි සියලු කොටස් නියම කරන ලද සැලසුමට අනුව සාදා නිම කෙරිණි. ඔහුට එය තනන්නට වසර හතක් ගත විය.
Currently Selected:
1 රාජාවලිය 6: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: