YouVersion Logo
Search Icon

1 රාජාවලිය 17:3-7

1 රාජාවලිය 17:3-7 SCV

“මෙහෙන් ඉවත් ව, නැගෙනහිර දෙසට හැරී, යොර්දාන් ගඟට නැගෙනහිරින් ඇති කෙරීත් ඔය ළඟ සැඟවී ඉන්න. ඔයෙන් වතුර බොන්න. එහිදී ඔබට කෑම දෙන්නට කපුටුවන්ට මා නියෝග කර ඇතැ” යි ඉන් පැවසිණි. එබැවින් ඔහු ස්වාමින්වහන්සේගේ වචනය පරිදි ක්‍රියා කළේ ය. ඔහු යොර්දාන් ගඟට නැගෙනහිරින් වූ කෙරීත් ඔය වෙත ගොස්, එහි නැවතී සිටියේ ය. කපුටුවෝ රොටි හා මස් උදයේ ද රොටි හා මස් සවස ද ඔහුට ගෙන ආහ. ඔහු ඔයෙන් වතුර බීවේ ය. ටික කලකින් ඔය සිඳී ගියේ ය. ඒ, දේශයට වැසි නො ලැබුණු බැවිනි.