YouVersion Logo
Search Icon

1 රාජාවලිය 17:1-5

1 රාජාවලිය 17:1-5 SCV

ගිලියාද්හි පදිංචි ව සිටියවුන්ගෙන් කෙනෙක් වූ තිෂ්බීය එලියා, ආහාබ් අමතමින්, “මා සේවය කරන, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මගේ වචනයෙන් ප්‍රකාශ කරන තෙක්, ඊළඟ අවුරුදු කීපය තුළ වැසි වසින්නේවත්, පිනි වැටෙන්නේවත් නැතැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේගේ වචනය එලියා වෙත පැමිණියේ ය. “මෙහෙන් ඉවත් ව, නැගෙනහිර දෙසට හැරී, යොර්දාන් ගඟට නැගෙනහිරින් ඇති කෙරීත් ඔය ළඟ සැඟවී ඉන්න. ඔයෙන් වතුර බොන්න. එහිදී ඔබට කෑම දෙන්නට කපුටුවන්ට මා නියෝග කර ඇතැ” යි ඉන් පැවසිණි. එබැවින් ඔහු ස්වාමින්වහන්සේගේ වචනය පරිදි ක්‍රියා කළේ ය. ඔහු යොර්දාන් ගඟට නැගෙනහිරින් වූ කෙරීත් ඔය වෙත ගොස්, එහි නැවතී සිටියේ ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 17:1-5