YouVersion Logo
Search Icon

1 කොරින්ති 1:26-30

1 කොරින්ති 1:26-30 SCV

සහෝදරයිනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක සම්මතයට අනුව ප්‍රඥාවත් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ. බලවන්තයින් බොහෝ දෙනෙක් හෝ කුලවන්තයින් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ. එහෙත්, ප්‍රඥාවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ අඥාන දෑ ය. බලවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ දුබල දෑ ය. දැන් පවතින දෑ නිෂ්ප්‍රභ කරන පිණිස දෙවියන්වහන්සේ තෝරා ගත්තේ, ලෝකයා විසින් පහත් කොට, නීච කොට සලකන එමෙන් ම දැන් නො පවතින දෑ ය. එසේ කර ඇත්තේ, කිසිවකුට හෝ දෙවියන්වහන්සේ ඉදිරියේ පුරසාරම් දොඩන්නට නො හැකි වන පරිද්දෙනි. දෙවියන්වහන්සේ කරණකොටගෙන ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහු ය. අපගේ ප්‍රඥාවත්, ධර්මිෂ්ඨකමත්, අපගේ පවිත්‍රතාව හා අපගේ මිදීමත් ක්‍රිස්තුස්වහන්සේ ම බවට පත් කළේ ද දෙවියන්වහන්සේ ය.