YouVersion Logo
Search Icon

1 ලේකම් 8

8
සාවුල්ගේ පෙළපත
1බෙන්යමින්
තම කුලුඳුල් පුත් බෙලාගේ ද
දෙවැන්නා වූ අෂ්බෙල්ගේ ද තෙවැන්නා වූ අහරාගේ ද
2සිවුවැන්නා වූ නෝහාගේ ද පස්වැන්නා වූ රාෆාගේ ද පියා ය.
3බෙලාගේ පුත්‍රයෝ:
අද්දාර්, ගේරා, අබිහූද්, 4අබිෂූවා, නාමාන්, අහෝවා, 5ගේරා, ෂෙෆූෆාන් හා හූරාම් ය.
6ඒහුද්ගෙන් පැවත එන්නෝ මොවුහු ය: ගෙබාහි වැසියන්ගේ පියවංශවල ප්‍රධානීන් වූ ඔවුහු මානහත් වෙත පිටුවහල් කරන ලදහ.
7නාමාන්, අහියා හා ගේරා ය. ඔහු#8:7 ඔහු එනම් ගේරා ඔවුන් පිටුවහල් කළේ ය. ඔහු උස්සාගේ හා අහිහුද්ගේ පියා ය.
8ෂහරයිම් තම භාර්යාවන් වූ බාරා ද හූෂීම් ද අත්හැරීමෙන් අනතුරුව මෝවබ්හි දී ඔහුට පුත්තු උපන්හ. 9ඔහුගේ බිරිඳ වූ හොදෙෂ්ගෙන් ඔහුට යෝබාබ්, සිබියා, මේෂා, මල්කාම්, 10යෙවූස්, සාකියා හා මිර්මා උපන්හ. ඔහුගේ පුතුන් වූ ඔවුහු පියවංශවල ප්‍රධානීන් වූහ. 11හූෂීම් මගින් ඔහු අබිටූබ්ගේ හා එල්පාල්ගේ පියා විය.
12එල්පාල්ගේ පුත්‍රයෝ:
ඒබෙර්, මිෂාම්, ෂෙමෙද් (ඕනෝ ද ලොද් ද එහි අවට ගම් ද ඉදි කළේ ඔහු#8:12 ඔහු එනම් ෂෙමෙද් ය), 13බෙරියා හා ෂෙමා ය. අයියාලොන් වාසී පියවංශවල ප්‍රධානීන් වූ ඔවුහු ගාත් වාසීන් පන්නා දැමූහ.
14අහියෝ, ෂාෂාක්, යෙරේමොත්, 15සෙබදියා, අරාද්, එදෙර්, 16මිකායෙල්, ඉෂ්පා හා යෝහා බෙරියාගේ පුත්‍රයෝ ය.
17සෙබදියා, මෙෂුල්ලාම්, හිස්කී, හෙබෙර්, 18ඉෂ්මෙරයි, ඉස්ලියා හා යෝබාබ් එල්පාල්ගේ පුත්‍රයෝ ය.
19යාකීම්, සික්රී, සබ්දී, 20එලියේනයි, සිල්ලෙතයි, එලියෙල්, 21අදායා, බෙරායා හා ෂිම්රාත් ෂිමෙයිගේ පුත්‍රයෝ ය.
22ඉෂ්පාන්, ඒබෙර්, එලියෙල්, 23අබ්දෝන්, සික්රී, හානාන්, 24හනනියා, ඒලාම්, අන්තොතීයා, 25ඉෆ්දෙයා හා පෙනූවෙල් ෂාෂාක්ගේ පුත්‍රයෝ ය.
26ෂම්ෂෙරයි, ෂෙහරියා, අතලියා, 27යාරෙෂියා, එලියා හා සික්රී යෙරොහාම්ගේ පුත්‍රයෝ ය.
28ඒ සියල්ලෝ ඔවුන්ගේ පරම්පරාවලට අනුව ප්‍රධානීන් ද පියවංශ මූලිකයින් ද වූහ. ඔවුහු යෙරුසලමෙහි වාසය කළහ.
29ගිබෙයොන්ගේ පියා වූ යෙයීයෙල්#8:29 යෙයීයෙල් හෙබ්‍රෙව් ලියවිල්ලෙහි නැත. සමහර ග්‍රීක අත් පිටපත්වල ඇති නිසා සහ 1 ලේක 9:35 සමඟ සංසන්දනය මගින් ඇතුළත් කරන ලදී., ගිබෙයොන්හි වාසය කළේ ය.
ඔහුගේ බිරිඳගේ නම මයකා ය. 30ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දෝන් ය. ඊළඟට සූර්, කීෂ්, බාල්, නේර්, නාදාබ්, 31ගෙදෝර්, අහියෝ, සෙකෙර් හා 32මික්ලොත් ය. ඔහු ෂිමෙයාගේ පියා ය. ඔවුහු ද තම නෑසියන් සමඟ තම නෑසියන් අසල යෙරුසලමෙහි වාසය කළහ.
33නේර්, කීෂ්ගේ පියා ය. කීෂ්, සාවුල්ගේ පියා ය. සාවුල්, යොනාතාන්ගේ ද මල්කී-ෂුවාගේ ද අබිනාදාබ්ගේ ද එෂ්බාල්ගේ#8:33 එෂ්බාල්ගේ හෙවත් ඊෂ්-බොෂෙත් ලෙස ද හැඳින් වේ. ද පියා ය.
34යොනාතාන්ගේ පුත්‍රයා:
මෙරිබ්-බාල්#8:34 මෙරිබ්-බාල් හෙවත් මෙෆීබොෂෙත් ලෙස ද හැඳින් වේ. ය. ඔහු මීකාගේ පියා ය.
35මීකාගේ පුත්‍රයෝ:
පීතොන්, මෙලෙක්, තාරේයා හා ආහාස් ය.
36ආහාස්, යෙහෝවද්දාගේ පියා ය. යෙහෝවද්දා, ආලෙමෙත්ගේ ද අස්මාවෙත්ගේ ද සිම්රීගේ ද පියා ය. සිම්රී, මෝසාගේ පියා ය. 37මෝසා, බිනෙයාගේ පියා ය. ඔහුගේ පුත්‍රයා රාෆා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආසේල් ය.
38ආසේල්ට පුතුන් හයදෙනෙක් සිටියහ. ඔවුන්ගේ නාම මෙසේ ය:
අස්රීකාම්, බොකෙරූ, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා හා හානාන් ය. ඒ සියල්ලෝ ම ආසේල්ගේ පුත්‍රයෝ ය.
39ඔහුගේ සහෝදර එෂෙක්ගේ පුත්‍රයෝ:
ඌලාම්, ඔහුගේ කුලුඳුලා ය. යෙවූෂ් දෙවැන්නා ය. එලිෆෙලෙත් තුන්වැන්නා ය. 40ඌලාම්ගේ පුත්‍රයෝ දුන්න හසුරුවන්නට හැකි අභීත රණශූරයෝ ය. ඔවුනට බොහෝ පුත්‍රයෝ ද මුණුබුරෝ ද සිටියහ.
එකසියපනස් දෙනෙක් වූ ඔවුන් සියල්ලෝ බෙන්යමින්ගෙන් පැවතෙන්නෝ ය.

Currently Selected:

1 ලේකම් 8: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in