1 ලේකම් 5
5
රූබෙන් ගෝත්‍ර වංශය
1ඉශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත් රූබෙන්ගේ පුත්‍රයෝ: ඔහු කුලුඳුලා වුව ද, තම පියාගේ යහන කිලිටි කළ නිසා, ඔහුගේ කුලුඳුල් උරුමය ඉශ්‍රායෙල්ගේ පුත් යෝසෙප්ගේ පුත්‍රයින්ට දෙන ලදී. එබැවින් කුලුඳුල් උරුමයට අනුව පෙළපත් ලේඛනයට ඔහු ඇතුළත් නො කෙරිණි. 2තම සහෝදරයන් අතරේ බලවතා වූයේ යූදා ය. පාලකයා පැමිණියේ ද ඔහුගෙනි. එහෙත් කුලුඳුල් උරුමය යෝසෙප්ට හිමි විය. 3ඉශ්‍රායෙල්ගේ කුලුඳුලා වූ රූබෙන්ගේ පුත්‍රයෝ:
හනොක්, පල්ලු, හෙස්රොන් හා කර්මී ය.
4යෝවෙල්ගේ පුත්‍රයෝ:
ඔහුගේ පුත්‍රයා ෂෙමායා ය, ඔහුගේ පුත්‍රයා ගෝග් ය,
ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය, 5ඔහුගේ පුත්‍රයා මීකා ය,
ඔහුගේ පුත්‍රයා රෙයායා ය, ඔහුගේ පුත්‍රයා බාල් ය,
6ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; අසිරියාවේ රජ තිල්ගත්-පිල්නෙසෙර්#5:6 එනම් තිග්ලත්-පිලෙසෙර්. 26 වෙනි පදයේ ද එසේ ය. විසින් ඔහු පිටුවහල් කොට ගෙන යන ලදී. බෙයේරා, රූබෙන්වරුන්ගේ නායකයකු විය.
7ඔවුන්ගේ පරම්පරාවල පෙළපත් නාමාවලි ලේඛනවලට අනුව, පෙළපත් වශයෙන් ඔවුන්ගේ සහෝදරයෝ:
ප්‍රධානියා යෙයීයෙල්, සෙකරියා හා 8බෙලා ය. ඔහු යෝවෙල්ගේ පුත්‍ර, ෂෙමාගේ පුත්‍ර, ආසාස්ගේ පුත්‍රයා ය.
ඔවුහු අරෝයෙර් සිට නෙබෝ හා බාල්-මෙයෝන් දක්වා ප්‍රදේශයේ පදිංචි වූහ. 9නැගෙනහිර දෙසට ඔවුහු යුප්‍රටීස්#5:9 යුප්‍රටීස් එනම් පෙරාත් නදියේ සිට විහිදෙන කාන්තාරයේ මායිම දක්වා ම පදිංචි වූයේ ඔවුන්ගේ සත්ව සම්පත ගිලියාද් දේශයේදී බෙහෙවින් බෝ වී තිබූ නිසා ය.
10සාවුල්ගේ දවස්වලදී ඔවුහු හග්රීවරුනට එරෙහිව යුද්ධ කර, ඔවුන් යටත් කර ගත්හ. ඔවුහු ගිලියාද්ට නැගෙනහිරින් පිහිටි මුළු පළාත පුරා ඔවුන්ගේ කූඩාරම්වල වාසය කළහ.
ගාද් ගෝත්‍ර වංශය
11ඔවුන්ට එහායින් සලෙකා දක්වා බාෂාන් පෙදෙසේ වාසය කළෝ ගාද්ගේ පුත්‍රයෝ ය.
12යෝවෙල් ප්‍රධානියා ය. ෂාෆාම් දෙවැන්නා ය. ඊළඟට බාෂාන්හි යානයි හා ෂාෆාට් ය.
13පියවංශ අනුව ඔවුන්ගේ සහෝදරයෝ:
මිකායෙල්, මෙෂුල්ලාම්, ෂෙබා, යෝරයි, යාකාන්, සියා හා ඒබෙර් යන හත්දෙනා ය.
14ඔවුහු අබිහයිල්ගේ පුත්‍රයෝ ය. ඔහු බූස්ගේ පුත්‍ර, යාදෝගේ පුත්‍ර, යෙෂීෂයිගේ පුත්‍ර, මිකායෙල්ගේ පුත්‍ර, ගිලියාද්ගේ පුත්‍ර, යාරෝවාගේ පුත්‍ර, හූරීගේ පුත්‍රයා ය.
15ගුනීගේ පුත්‍ර, අබ්දියෙල්ගේ පුත්‍ර අහී, ඔවුන්ගේ පියවංශයේ ප්‍රධානියා ය.
16ගාද්වරු ගිලියාද්, බාෂාන් හා එහි අවට ගම්වල ද ෂාරොන්හි සියලු තණ බිම්වල සීමා දක්වා ද වාසය කළහ.
17ඒ සියල්ලෝ යූදාහි රජු වූ යෝතාම්ගේ හා ඉශ්රායෙල් රජු වූ යෙරොබොවම්ගේ රාජ සමයේ පෙළපත් නාමාවලි ලේඛනවලට ඇතුළත් කරන ලදහ.
18රූබෙන්වරුන්ගෙන්, ගාද්වරුන්ගෙන් හා මනස්සේ අර්ධ ගෝත්‍රයෙන් පලිහත්, කඩුවත් හසුරුවන්නට හැකි, දුන්නෙන් විදිය හැකි, යුද්ධයට දක්ෂ, වික්‍රමාන්විත මිනිස්සු හතළිස්හතර දහස් හත්සිය හැට දෙනෙක් සිටියහ. 19ඔවුහු හග්රීවරුන්ටත්, යෙටූර්ටත්, නාෆීෂ්ටත්, නෝදාබ්ටත් එරෙහිව යුද්ධ කළහ. 20සටන්වලදී මොවුනට උපකාර ලැබිණි. දෙවියන්වහන්සේ හග්රීවරුන් සහ ඔවුන් සමඟ සිටි සියල්ලන් ඔවුන්ගේ අත්වලට හසුකර දුන් සේක. මන්ද ඔවුහු සටනේදී උන්වහන්සේට මොර ගැසූහ. ඔවුහු උන්වහන්සේ කෙරේ විශ්වාසය තැබූ බැවින් උන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දුන් සේක. 21ඔවුහු ඔවුන්ගේ සත්ව සම්පත වූ ඔටුවන් පනස් දහසක් ද බැටළුවන් දෙලක්ෂ පනස් දහසක් ද බූරුවන් දෙදහසක් ද අල්ලා ගත්හ. ඔවුහු මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියහ. 22යුද්ධය දෙවියන්වහන්සේගෙන් වූ බැවින්, බොහෝ දෙනෙක් වැටී ගියහ. පිටුවහල් කරනු ලැබීම දක්වා ඔවුහු මොවුන්ගේ දේශයේ වාසය කළහ.
මනස්සේ අර්ධ ගෝත්‍ර වංශය
23මනස්සේ අර්ධ ගෝත්‍ර වංශික ජනයා අධික ව බාෂාන් සිට බාල්-හෙර්මොන් හෙවත් සෙනීර් (හෙර්මොන් කන්ද) දක්වා දේශයේ වාසය කළහ.
24ඔවුන්ගේ පියවංශවල ප්‍රධානීහු මොවුහු ය: ඒෆෙර්, ඉෂී, එලියෙල්, අස්රියෙල්, යෙරමියා, හෝදවියා හා යාදියෙල් ය. අභීත රණවිරුවන් ද කීර්තිමත් මිනිසුන් ද වූ ඔවුහු තම පියවංශවල ප්‍රධානීන් වූහ. 25එහෙත් ඔවුහු තම පියවරුන්ගේ දෙවියන්වහන්සේට අවිශ්වාසවන්ත වී, දෙවියන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ දේශ-වාසීන්ගේ දෙවිවරුන් හා වේශ්‍යාකම් කළහ. 26එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ අසිරියාවේ රජ වූ පූල් එනම් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිත පෙලඹ වූ සේක. ඔහු රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ අර්ධ ගෝත්‍රය ද පිටුවහල් කොට ගෙන ගියේ ය. ඔහු ඔවුන් හලා, හාබොර්, හාරා හා ගෝසාන් නදිය වෙත ගෙන ගියේ ය. ඔවුහු අද දක්වා එහි සිටිති.
Currently Selected:
1 ලේකම් 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.