YouVersion Logo
Search Icon

1 ලේකම් 21:1-8

1 ලේකම් 21:1-8 SCV

සාතන් ඉශ්‍රායෙල්ට එරෙහිව නැගී සිට, ඉශ්‍රායෙල් සංගණනයක් ගැනීමට දාවිත් පෙලඹවී ය. එබැවින් දාවිත්, යෝවාබ් හා හමුදා ප්‍රධානීන් අමතා, “යන්න, බෙයර්ෂෙබා සිට දාන් දක්වා ඉශ්‍රායෙල්වරුන් ගණන් කොට, ඔවුන්ගේ ගණන මා දැනගන්නා පිණිස මට එය වාර්තා කරන්නැ” යි පැවසී ය. එහෙත් යෝවාබ් කතා කොට, “ස්වාමින්වහන්සේ තම ජනයා දැන් සිටිනවාට වඩා සිය ගුණයකින් වැඩි කරන සේක්වා! මගේ ස්වාමියා වන රජ්ජුරුවනි, ඔවුන් සියල්ලෝ ම මගේ ස්වාමියාගේ යටත් වැසියන් නො වෙත් ද? මෙබන්දක් කරන්නට මගේ ස්වාමියාට ඇති වුවමනාව මොකද? ඉශ්‍රායෙල් පිට වරද පමුණුවන්නේ ඇයි දැ?” යි ඇසී ය. කෙසේ වුව ද රජුගේ වචනයෙන් යෝවාබ් යටපත් කරනු ලැබිණි. එබැවින් යෝවාබ් පිටත් ව, මුළු ඉශ්‍රායෙල් දේශය පුරා ගමන් කොට, ආපසු යෙරුසලමට ආවේ ය. ගණනය කරන ලද ජන සංඛ්‍යාව යෝවාබ්, දාවිත්ට වාර්තා කළේ ය. අසිපත් දරන මුළු ඉශ්‍රායෙල් ජනයා එකොළොස් ලක්ෂයක් ය. යූදා ජන සංඛ්‍යාව හාර ලක්ෂ හැත්තෑදහසක් ය. එහෙත් රජුගේ අණ යෝවාබ්ට පිළිකුල් ව තිබූ බැවින්, ඒ ගණන් ගැනීමට ඔහු ලෙවී හා බෙන්යමින් ඇතුළත් කර තිබුණේ නැත. මෙය දෙවියන්වහන්සේට අප්‍රසන්න වූයෙන්, උන්වහන්සේ ඉශ්‍රායෙල්ට පහර දුන් සේක. එවිට දාවිත්, දෙවියන්වහන්සේ අමතමින්, “මේ දේ කිරීමෙන් මම අතිශයෙන් පව් කළෙමි. දැන් ඔබගේ මෙහෙකරුගේ අපරාධය පහ කරන මෙන් අයදිමි. මන්ද මා ක්‍රියා කළේ මහත් අනුවණකමකිනි” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to 1 ලේකම් 21:1-8