1 ලේකම් 17
17
දෙවියන්වහන්සේගේ පොරොන්දුව
1තවද දාවිත් තම ගෘහයේ පදිංචි වූ පසු දිවැසිවර නාතාන් ඇමතූ දාවිත්, “මෙන්න! මා දේවදාර ලීයෙන් කළ නිවසක වාසය කරනවා. එහෙත් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළත වාසය කෙරේ යැ” යි පැවසී ය.
2නාතාන්, දාවිත්ට පිළිතුරු දෙමින්, “ඔබේ සිතේ ඇති සියලු දෑ කරන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කී ය.
3එහෙත් ඒ රැයේ ම දෙවියන්වහන්සේගේ වචනය නාතාන් වෙත පැමිණියේ ය:
4“ගොස්, මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: වාසය පිණිස ගෘහයක් මට ගොඩ නගන්නේ ඔබ නො වෙයි. 5ඉශ්රායෙල් ජනයා ඊජිප්තුවේ සිට ගෙනා දවසේ පටන් අද දවස දක්වා ම මා ගෘහයක වාසය කළේ නැත. මම කූඩාරමෙන් කූඩාරමට, වාසස්ථානයෙන් වාසස්ථානයට යමින් වාසය කළෙමි. 6මුළු ඉශ්රායෙල් ජනතාව මධ්‍යයේ මා ගිය කොතැනකදී වුව, “දේවදාර ගෘහයක් නුඹ මට ඉදි නො කළේ මන්දැ?” යි මගේ ඉශ්රායෙල් ජනයා රැක බලා ගැනීමට මා අණ කළ ඔවුන්ගේ නායකයන්ගෙන් කිසි කෙනකුට කිසි දින මා පවසා තියේ ද?’
7“එබැවින් දැන්, මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න: ‘සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; මගේ ජනතාව වන ඉශ්‍රායෙල්ගේ අධිපතියා වන පිණිස තණ බිම් වෙතින්, බැටළුවන් පසු පස යෑමෙන් මම නුඹ ගත්තෙමි. 8ඔබ ආ-ගිය කොතැනකදී වුව මම ඔබ සමඟ සිටිමින්, ඔබගේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමුවෙමි. තවද මේ පොළොවේ ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගේ නාම හා සමාන ශ්‍රේෂ්ඨ නාමයක් මම ඔබට සලසා දෙන්නෙමි. 9මගේ ඉශ්රායෙල් ජනයාට ස්ථානයක් නියම කර දී, ඔවුන් එහි පැලපදියම් කරන්නේ, තමන්ගේ ම වූ තැනක වාසය කරන්නට ඔවුන්ට හැකි වන පිණිසත්, තවදුරටත් කැලඹීම් ඇති නො වන පිණිසත් ය. දුෂ්ට මිනිසුන් ඉහතදී කළාක් මෙන්, 10මගේ ඉශ්රායෙල් ජනයාට මා විනිසුරුවන් පත් කර දුන් කාලයේ මෙන් තවත් ඔවුන්ට පීඩා නො කරනු ඇත. මම ඔබේ සියලු සතුරන් යටත් කරන්නෙමි.
“ ‘තවද, ස්වාමින්වහන්සේ ඔබ උදෙසා වංශයක් ගොඩ නගන වග මම ඔබට ප්‍රකාශ කරමි: 11ඔබේ දවස් සම්පූර්ණ වූ කල, ඔබේ පියවරුන් සමඟ සිටිනු පිණිස ඔබ යන කල, මම ඔබෙන් පැවතෙන්නකු වන ඔබේ ම පුතකු ඔබේ තැන ගැනීමට නැගිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථාපිත කරන්නෙමි. 12මා උදෙසා ගෘහයක් ගොඩ නගන්නා ඔහු ය. ඔහුගේ සිංහාසනය මම සදහට ම ස්ථාපිත කරන්නෙමි. 13මම ඔහුගේ පියාණන් වන්නෙමි; ඔහු මගේ පුතණුවන් වන්නේ ය. මම ඔබට කලින් රජ ව සිටි තැනැත්තාගෙන් ඉවත් කර ගත් පරිදි, මගේ නොමියෙන ප්‍රේමය ඔහු වෙතින් ඉවත් නො කරන්නෙමි. 14මගේ ගෘහයේ ද මගේ රාජ්‍යයේ ද ඔහු සදහට ම පිහිටු වන්නෙමි. ඔහුගේ සිහසුන සදහට ම ස්ථාපිත කරනු ලබන්නේ යැ’ යි” පැවසූ සේක.
15මෙම සියලු වචනවලට අනුකූලව, මෙම මුළු දර්ශනයට අනුකූලව නාතාන් දාවිත්ට පැවසී ය.
දාවිත්ගේ අයැදුම
16එවිට දාවිත් රජු ඇතුළට ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරිපිට හිඳගෙන මෙසේ පැවසී ය:
“අහෝ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, මේ සා දුරකට මා ගෙන එන්නට මා කවරෙක් ද? මගේ පෙළපත මොකක් ද? 17අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේගේ ඇස් හමුවේ එසේ කිරීමෙන් නො නැවතුණු ඔබ, ඔබගේ සේවකයාගේ වංශයේ දුර අනාගතය ගැනත් කතා කළ සේක. අහෝ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්ස, මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨතමයා හැටියට ඔබ මා සැලකූ සේක.
18“ඔබේ මෙහෙකරුට දැක් වූ ගෞරවයට ඔබවහන්සේට දාවිත් තව මොනවා කියන්න ද? මන්ද ඔබවහන්සේ, ඔබගේ සේවකයා දන්නා සේක. 19අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ඔබගේ සේවකයා උදෙසා මේ මහත් දේ කර, ඔබගේ හදවතට අනුකූලව මේ සියලු උතුම් පොරොන්දු දැනගන්නට සැලසූ සේක.
20“අහෝ ස්වාමින්වහන්ස, ඔබ වැනි කෙනකු තවත් නැත. අපගේ කන්වලින් අප අසා ඇති පරිදි, ඔබ හැර අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. 21ඔබගේ ජනයා වූ ඉශ්රායෙල්ට සමාන අන් කවුරු ද? තමන්ට ම වූ ජනතාවක් වශයෙන් මුදා ගන්නා පිණිසත්, තමන්ට ම නාමයක් උපදවා ගන්නා පිණිසත්, ඊජිප්තු#17:21 මෙම පදයේ ඊජිප්තු යන වචනයේ සිට හාස්කම් යන වචනය දක්වා කොටස පරිවර්තනය කර ඇත්තේ ග්‍රීක සහ 1 ලේක 17;21 හි ආකෘතියට අනුව ය. දේශයෙන් ඔබ මුදා ගත් ඔබේ ජනතාව ඉදිරිපිටින් ජාතීන් ද ඔවුන්ගේ දෙවි-දේවතාවුන් ද පන්නා දැමීමෙන්, ශ්‍රේෂ්ඨ වූත්, භයානක වූත් හාස්කම් කරන පිණිසත් දෙවියන්වහන්සේ පිටත් ව ගිය අන් කවර ජාතියක් මේ මිහි පිට වේ ද? 22ඔබ, ඔබගේ ජනයා වන ඉශ්රායෙල්, සදහට ම ඔබට ම වූ ජනතාවක් කර ගත් සේක. ඔබ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ බවට පත් වූ සේක, අහෝ ස්වාමින්වහන්ස.
23“දැන් ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා ගැන හා ඔහුගේ වංශය ගැන ඔබ කතා කළ වචනය සදහට ම ස්ථාපිත කරනු මැනවි. ඔබ කී පරිද්දෙන් කළ මැනවි. 24මෙසේ, ‘සේනාංකවල ස්වාමින්වහන්සේ, ඉශ්රායෙල් කෙරෙහි දෙවියන්වහන්සේ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ය’ කියනු ලැබීමෙන් ඔබගේ නාමය සදාතනික ව ඉහළින් ම වර්ණනා කෙරේ. තවද ඔබගේ සේවක දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථාපිත කරනු ලබනු ඇත.
25“මගේ දෙවියන්වහන්ස, ඔබගේ සේවකයාට වංශයක් ගොඩ නගන වග ඔබ ඔහුට එළිදරවු කළ සේක. එබැවින් ඔබට යාච්ඤා කරන පිණිස ඔබගේ සේවකයාට ධෛර්යය ලැබිණි. 26එබැවින් අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ දෙවියන්වහන්සේ ය. ඔබගේ සේවකයාට ඔබ මෙම යහපත් දෑ පොරොන්දු වූ සේක. 27එබැවින් දැන්, ඔබ හමුවේ සදහට පවතින පිණිස, ඔබගේ සේවකයාගේ වංශයට ආශිර්වාද කරන්නට ඔබවහන්සේ ප්‍රසන්න ව සිටින සේක. මන්ද, ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ඊට ආශිර්වාද කළ සේක. එය සදහට ම ආශිර්වාද ලබනු ඇතැ” යි පැවසී ය.
Currently Selected:
1 ලේකම් 17: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: