1 ලේකම් 15
15
ගිවිසුම් කරඬුව
1දාවිත් තමාට දාවිත් පුරයේ ගොඩනැගිලි ඉදිකර ගත්තේ ය. තවද ඔහු දෙවියන්වහන්සේගේ කරඬුවට තැනක් පිළියෙල කොට, ඊට කූඩාරමක් පිහිටුවී ය. 2ඉන්පසු දාවිත් කතා කොට, “වෙන කිසිවකු නො ව ලෙවීවරුන් ම දෙවියන්වහන්සේගේ කරඬුව උසුලත්වා! මන්ද ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලන්නටත්, සදහට ම උන්වහන්සේ අබියස මෙහෙ කරන්නටත් ස්වාමින්වහන්සේ ඔවුන් තෝරාගත් සේකැ” යි පැවසී ය.
3 ස්වාමින්වහන්සේගේ කරඬුව සඳහා පිළියෙල කළ තැනට එය ගෙන ඒමට දාවිත් මුළු ඉශ්රායෙල් ජනයා යෙරුසලම වෙත රැස් කළේ ය.
4ඔහු ආරොන්ගෙන් පැවත එන්නන් ද ලෙවීවරුන් ද එක් රැස් කළේ ය.
5කොහාත්ගේ පුත්රයින්ගෙන් නායක ඌරියෙල් හා
ඔහුගේ සහෝදරයෝ එකසිය විසිදෙනෙක් ය.
6මෙරාරීගේ පුත්රයින්ගෙන් නායක අසායා හා
ඔහුගේ සහෝදරයෝ දෙසිය විසිදෙනෙක් ය.
7ගෙර්ෂොන්ගේ පුත්රයින්ගෙන් නායක යෝවෙල් හා
ඔහුගේ සහෝදරයෝ එකසිය තිස්දෙනෙක් ය.
8එලිසාෆාන්ගේ පුත්රයින්ගෙන් නායක ෂෙමායා හා
ඔහුගේ සහෝදරයෝ දෙසිය දෙනෙක් ය.
9හෙබ්රොන්ගේ පුත්රයින්ගෙන් නායක එලියෙල් හා
ඔහුගේ සහෝදරයෝ අසූදෙනෙක් ය.
10උස්සියෙල්ගේ පුත්රයින්ගෙන් නායක අම්මිනාදාබ් හා
ඔහුගේ සහෝදරයෝ එකසිය දොළොස් දෙනෙක් ය.
11ඉන්පසු දාවිත්, පූජකයින් වූ සාදෝක් හා අබියාතර් ද ලෙවී වංශිකයින් වූ ඌරියෙල්, අසායා, යෝවෙල්, ෂෙමායා, එලියෙල් හා අම්මිනාදාබ් ද කැඳවී ය. 12ඔහු ඔවුන් අමතා, “ලෙවී පියවංශ ප්රධානීන් ඔබයි. ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කරඬුව මා ඊට පිළියෙල කර ඇති ස්ථානයට ගෙනෙන පිණිස, ඔබ ද ඔබේ සහෝදර වූ ලෙවීවරුන් ද වන නුඹලා ම පවිත්ර කර ගන්න. 13පළමුවර අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝපයෙන් පහර දුන්නේ එය ලෙවීවරුන් වූ ඔබ නො ගෙනා බැවිනි. මන්ද නියෝගය ලෙස අප උන්වහන්සේ සෙවුවේ නැතැ” යි කී ය. 14එබැවින් ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන ඒමට පූජකයෝ ද ලෙවීවරු ද පවිත්ර වූහ. 15ස්වාමින්වහන්සේගේ වචනයට අනුව මෝසෙස් විසින් අණ කර තිබූ පරිදි ලෙවීවරු දෙවියන්වහන්සේගේ කරඬුව සමඟ එහි පොලු තම උර මත තබා, එය උසුලාගෙන ආහ.
16දාවිත්, ලෙවීවරුන්ගේ නායකයින් අමතා, “වීණා, මහ වීණා හා අත්තාලම් යන තූර්ය භාණ්ඩ වැයීමෙන් ප්රීති නාද පවත්වන්නට ගායකයන් හැටියට ඔවුන්ගේ සහෝදරයන් පත් කරන්නැ” යි පැවසී ය.
17එබැවින් ලෙවීවරු, යෝවෙල්ගේ පුත් හේමාන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරෙකියාගේ පුත් ආසාෆ් ද ඔවුන්ගේ සහෝදරයන් වූ මෙරාරීවරුන්ගෙන් කූෂායාගේ පුත් ඒතාන් ද පත් කළහ. 18ඔවුන් සමඟ ඔවුන්ට දෙවැනි වූ ඔවුන්ගේ සහෝදරයෝ නම් සෙකරියා, යාසීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, උන්නී, එලියාබ්, බෙනායා, මාසේයා, මත්තිතියා, එලීෆෙලේහු, මික්නේයා හා දොරටුපාලයන් වූ ඔබේද්-ඒදොම් හා යෙයීයෙල් ය.
19සංගීතවේදී හේමාන්, ආසාෆ් හා ඒතාන් ලෝකඩ අත්තාලම්වලින් නාද පවත්වන්නටත්, 20සෙකරියා, අසීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, උන්නී, එලියාබ්, මාසේයා හා බෙනායා, අලාමෝත්#15:20 අලාමෝත් එය සංගීතමය යෙදුමක් විය හැක. අනුව වීණා වයන්නට ද 21මත්තිතියා, එලීෆෙලේහු, මික්නේයා, ඔබේද්-ඒදොම්, යෙයීයෙල් හා අසසියා ෂෙමීනීත්#15:21 ෂෙමීනීත් එය සංගීතමය යෙදුමක් විය හැක. අනුව මහ වීණා වයන්නන්ට ද පත් ව සිටියහ. 22කෙනනියා ගායනා කිරීම ගැන ලෙවීවරුන්ගේ ප්රධානියා ව සිටියේ ය. එහි ඔහු නිපුණ ව සිටි බැවින්, එය ඔහුගේ වගකීම විය.
23බෙරෙකියා හා එල්කානා කරඬුව සඳහා දොරටුපාලයෝ වූහ. 24පූජකයින් වූ ෂෙබනියා, යෝෂාෆාට්, නෙතනේල්, අමාසයි, සෙකරියා, බෙනායා හා එලියේසර් දෙවියන්වහන්සේගේ කරඬුව අබියස හොරණෑ පිඹින පිණිස පත් ව සිටියහ. ඔබේද්-ඒදොම් හා යෙහියා කරඬුව උදෙසා දොරටුපාලයෝ වූහ.
25මෙසේ දාවිත් ද ඉශ්රායෙල් වැඩිහිටියෝ ද දහසක සෙන්පතීහු ද ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔබේද්-ඒදොම්ගේ නිවසේ සිට ප්රීති ප්රමෝදයෙන් යුතු ව ගෙන ඒමට පිටත් ව ගියහ. 26ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීවරුන්ට දෙවියන්වහන්සේ පිහිට වූ නිසා, ඔවුහු ගොනුන් හත් දෙනකුත්, බැටළුවන් හත් දෙනකුත් පූජා කළහ. 27දාවිත් සිහින් හණ ලෝගුවක් හැඳ සිටියේ ය. කරඬුව උසුලා ගත් සියලු ලෙවීවරු ද ගායකයෝ ද සංගීත කණ්ඩායම බාර ව සිටි කෙනනියා ද එසේ ම හැඳ සිටියහ. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳ සිටියේ ය. 28එසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වරසන් සමඟ බැටළු අංවලින්, හොරණෑ හා අත්තාලම්වලින් නාද නංවමින් ද වීණා හා මහ වීණා වයමින් ද ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ආහ.
29 ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත් පුරයට ඇතුළු වෙද්දී, සාවුල්ගේ දියණිය වූ මීකල් කවුළුවකින් බලා සිටියා ය. දාවිත් රජු නටමින් ප්රීති ප්රමෝද වනු දුටු ඈ තම හදවතින් ඔහු හෙළා දැක්කා ය.
Currently Selected:
1 ලේකම් 15: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: