සලමොන්ගේ ප්‍රඥාව 6
6
ධර්මිෂ්ඨ භාවයේ රාජ ධර්මය
1රජවරුනි, සවන් දී තේරුම්ගන්න;
දුර රටවල පාලකයෙනි, පරිස්සම් වන්න.
2ඔබ සැමගේ අණසක යට දහසක් දෙන පාලනය කරන්නෙනි, ඔබේ පුරවැසියන් විශාල සංබ්‍යාව ගැන පාරට්ටු කරන්නෙනි, මෙයට සවන් දෙන්න.
3බලය වූ කලී, ඔබට සමිඳුන්ගෙන් ලැබෙන දීමනාවකි.
පරමාධිපත්‍යය, අති මහෝත්තමයාණන්ගෙන් පැමිණෙන්නකි.
එතුමාණෝ ඔබේ ක්‍රියා විමසා බලන සේක;
ඔබේ අදහස් සියුම් ලෙස පරීක්ෂා කරන සේක.
4රාජ්‍යයේ පරිපාලකයන් වශයෙන් ඔබ සාධාරණ ලෙස පාලනය නොකළාහු නම්, ව්‍යවස්ථාව නොපිළිපැද්දාහු නම්, දෙවිඳුන්ගේ අභිමතය පරිදි නොහැසුරුණෝ නම්,
5එතුමාණන් ඔබ වෙත වේගයෙන් ද භයානක ව ද පැමිණෙනු ඇත.
බලවතුන් හට සහ ප්‍රභූන් හට කෲර විනිශ්චයක් වෙන් කර ඇත.
6බැගෑපත් අයට අනුකම්පා සහගත ව කමා කරනු ලැබේ.
බලවත් අයට දරුණු ලෙස දඬුවම් කරනු ලැබේ.
7සියල්ලන්ට අධිපති සමිඳාණන් කිසි කෙනෙකු අබිමුව බියෙන් මිරිකෙන්නේ නැත.
මහන්තත්වය ගැන විස්මිත නොවනු ඇත.
මන්ද, එතුමාණෝ ම ලොකු කුඩා සියල්ලන් මැවූ සේක. සියල්ලන්ට ම එක ලෙස සියලු දේ සපයන සේක.
8එහෙත්, එතුමාණෝ බලයේ සිටින අය දැඩි ලෙස පරීක්ෂා කොට බලන සේක.
9එසේ ය, රජවරුනි, ප්‍රඥාව කුමක් ද කියා ඔබ ඉගෙනගෙන වරද නොකරන ලෙස මාගේ වචනය දෙන්නේ ඔබට ය.
10මන්ද, ශුද්ධ දේ ශුද්ධ ලෙස පිළිපදින අය ශුද්ධවන්තයන් මෙන් ගණන්ගනු ඇත.
ඔවුන්ගෙන් උපදෙස් ලබාගැනීම නිසා ඔවුන් තුළ ඔවුන් හට ආරක්ෂාව සැලසෙනු ඇත.
11එබැවින් මාගේ වචනය පැමිණෙන තෙක් බලා සිටින්න;
ඊට ආශාවෙන් සිටින්න;
එය ඔබට උපදෙස් දෙනු ඇත.
ප්‍රඥාව සොයා යාම
12ප්‍රඥාව දීප්තිමත් ය.
ඇය මලානික නොවේ.
ඇයට ප්‍රේම කරන අයට ඇය හොඳින් පෙනේ.
ඇය සොයන අය ඇය ලබාගනු ඇත.
13තමාට ආශා කරන අය ගැන ඇය කලින් දැනගෙන ඔවුන්ට ප්‍රකාශ වනු ඇත.
14ඇය එන තෙක් වේලාසනින් බලා සිටින්න.
ඔබට කරදරයක් නොවනු ඇත.
ඔබේ දොරටු ළඟ ඇය සිටිනු ඔබට හමු වේ.
15ඇය ගැන සිතීම පවා අංග සම්පූර්ණ දැනීමක් ලැබීම ය.
ඇය ගැන පරීක්ෂාකාරී ව සිටින්න.
එවිට, විගස, කරදර ඔබෙන් දුරුවනු ඇත.
16ඇය ලබාගැනීමට සුදුසු අය සොයමින් ඇය සැරිසරනු ඇත.
ඔවුන්ගේ මාර්ගවල දී විනීත ලෙස මුණගැසී ඔවුන්ගේ සිත්සතන් තුළ ප්‍රකාශ වනු ඇත.
17ඇය ලබාගැනීමේ ආරම්භය නම්, විනයගරුක වීමට ආශාව යි.
විනයගරුක වීමට ආශාව නම් ප්‍රඥාවට ප්‍රේමය දැක්වීම යි.
18ඇයට ප්‍රේමය දැක්වීම නම්, ව්‍යවස්ථාව රැකීම යි.
ව්‍යවස්ථාව රැකීම නම්, අමරණීය භාවය සහතික කිරීම යි.
19අමරණීය භාවය දෙවිඳුන් ළඟට අප ගෙන එයි.
20ප්‍රඥාවට ආශාව දැක්වීම පරමාධිපත්‍යයට මඟ පෙන්වයි.
21එබැවින්, ජාතීන්ගේ අධිපතියනි, ඔබ සිහසුනට සහ ජයකොන්තයට කැමැති නම්, ප්‍රඥාවට ගරු කරන්න;
සදහට ම ඔබ රජකම් කරනු ඇත.
ප්‍රඥාව විස්තර කිරීම
22ප්‍රඥාව කුමක් ද කියාත් ඇය ආවේ කෙසේ ද කියාත් මම දැන් ප්‍රකාශ කරමි.
එහි කිසි ම රහසක් මම සඟවා නොතබමි.
පටන්ගැන්මේ සිට ම ඇයගේ මාර්ගය පෙන්වා දී සත්‍යයෙන් ඉවතට නොගොස් පැහැදිලි ව ඇය දැනගැන්ම මම ඉදිරිපත් කරමි.
23මා සමඟ යන මිතුරා ලෙස මම විනාශකාරී ඊර්ෂ්‍යාව සහාය කොට නො ගනිමි.
මන්ද, ඊර්ෂ්‍යාව හා ප්‍රඥාව අතර පොදුවේ කිසිත් නැත.
24ලොව විමුක්තිය ඇත්තේ පැණවතුන් විශාල සංබ්‍යාවක් තුළ ය.
ජාතික චිරස්ථිතිය ඇත්තේ පැණවත් රජකු තුළ ය.
25එබැවින්, මාගේ වචනවලින් ඉගෙනගන්න.
ඔබට එය වැඩදායක වනු ඇත.
Currently Selected:
සලමොන්ගේ ප්‍රඥාව 6: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: