සලමොන්ගේ ප්‍රඥාව 5
5
විනිශ්චය දිනයේ දී
1එවිට තමන්ට පීඩා කළ තැනැත්තාට ද, තමන්ගේ දුක් වේදනා ගැන නොසැලකූ අයට ද විරුද්ධ ව, නිර්භීත ව මුහුණ පෑමට දැහැමියා නැඟිටිනු ඇත.
2දැහැමියා බලාපොරොත්තු නොවූ ලෙස ගැළවී ඇති බව ඒ අය දැක මවිත වී ඔහු ඉදිරියෙහි බියසුල්ලන් මෙන් වෙවුලන්නෝ ය.
3කණගාටුවෙන් මිරිකී සුසුම්ලමින් ද, හිත් වේදනාවෙන් ද ඔවුන් එකිනෙකාට මෙසේ කියනු ඇත.
4“කලක් අප සිනහ වූයේ මොහු ගැන ය;
අපේ ඇනුම්පදවලට ගොදුරු වූයේ මොහු ය.
අපි කෙතරම් අනුවණයෝ ද?
අප ඔහුගේ ජීවිතය සැලකුවේ උමතුවක් ලෙස ය.
ඔහුගේ මරණය ගෞරවයෙන් තොර ව කෙළවර වේ.
5දෙවියන් වහන්සේගේ පුත්‍රයකු මෙන් ඔහු ගණන්ගනු ලැබුයේ කෙසේ ද?
ශුද්ධවන්තයන් අතර තැනක් ලැබුයේ කෙසේ ද?
6අපි නම්, ඇත්තට ම සත්‍යයේ මාර්ගයෙන් මංමුළා වී ගියෙමු.
යුක්තියේ ආලෝකය අප කෙරෙහි නොබැබළිණි.
කිසි දිනක අප මත ඉර උදා නොවූයේ ය.
7නීති විරෝධි වූ ද, විනාශකාරී වූ ද මාවත් සියල්ලක ම අපි ගමන් කෙළෙමු.
පාරක් තොටක් නැති මරුකතරක් හරහා අපි ගියෙමු.
එහෙත් අපි කිසි දා සමිඳුන් මඟ නුදුටිමු.
8අපි අහංකාර වූයෙමු;
ඉන් අප ලබාගත් වාසිය කිමෙක් ද?
සම්පත හා පාරට්ටුව අපට තිබිණි.
ඒවායින් අපට ලැබුණේ කිමෙක් ද?
9ඒවා සියල්ල ම ගෙවී යන සෙවණැල්ලක් මෙන් ද, නැති වී යන දූෂමාන ආරංචියක් මෙන් ද අතුරුදහන් වී ඇත.
10නඟින රැළි මැදින් යන නැවක් එය ගිය මං සටහන් ඉතිරි නොකරන පරිදි, රළ මත නැව ගිය දිය පාර නොතිබෙන පරිදි, ඒවා සියල්ල අතුරුදහන් වී ඇත.
11අහසේ පියාඹන පක්ෂියෙකු ඌ ගිය මඟ සටහන් නොතබන පරිදි ද ඌ සිහින් සුළඟේ අත්තටු ගසමින් අහස දෙවනත් කොට වේගයෙන් විදහා ලූ අත්තටු සහිත ව ඉදිරියට අහස පීරාගෙන යන විට ඌ ගිය මඟ ලකුණක් නොතබන පරිදි ද ඒවා සියල්ල අතුරුදහන් වී ඇත.
12ඉලක්කයට එල්ල කළ ඊගසක් එය අවට ඇති සුළඟ විනිවිද ගොස් එය ගිය මඟ ලකුණු නොතබන පරිදි ද ඒවා සියල්ල අතුරුදහන් වී ඇත.
13අපට ද එලෙස වී තිබේ. දිවි උපත ලැබුවා පමණ ය;
එවිට ම මරණ විපත ලැබුවෙමු.
දැහැමිකම ගැන කිසි ම ලකුණක් වත් අපට පෙන්විය නොහැකි ය.
එය වෙනුවට අපි දුෂ්ටකමින් ජීවත් වූයෙමු.”
14එසේ ය, අභක්තිකයන්ගේ බලාපොරොත්තුව සුළඟේ ගසාගෙන යන බොල් වී හා සමාන ය.
කුණාටුවට ගසාගෙන යන දිය හුමාලයට සමාන ය.
සුළඟට අසු වූ දුම මෙන් එය විසිරී යයි.
දිනකට පමණක් පැමිණි අමුත්තෙකුගේ මතකය මෙන් එය පහ වී යයි.
15එහෙත්, දැහැමියෝ සදහට ම ජීවත් වෙති.
ඔවුන්ගේ විපාකය සමිඳාණන්ගෙන් ය.
අති උතුම් තැනැන් වහන්සේ ඔවුන් ගැන සලකන සේක.
16එබැවින් ඔව්හු සමිඳුන්ගේ අතින් ශෝභනත්වයේ චූඩා මාණික්‍ය වන දිළිසෙන රාජකීය කිරීටයක් ලබනු ඇත.
මන්ද, එතුමාණෝ සිය දකුණතින් ඔවුන්ට රැකවරණය දෙන සේක.
සිය බාහුවෙන් ඔවුන් ආරක්ෂා කරන සේක.
17නොඉවසන සුලු ප්‍රේමය නමැති සන්නාහය ඔහු පළඳිනු ඇත.
සිය සතුරන්ට දඬුවම් දෙනු පිණිස හිමි තුමාණෝ මැවිල්ල සන්නාහ සන්නද්ධ කරවන සේක.
18ළය වැස්ම මෙන් යුක්තිය පළඳිනු ඇත.
හිස් වැස්ම මෙන් සාධාරණ විනිශ්චය පළඳිනු ඇත.
19පලිහ මෙන් පැරදවිය නොහැකි ශුද්ධවන්තකම ගනු ඇත.
මුවහත් කඩුවක් මෙන් සිය දැඩි උදහස තළා සකස් කරනු ඇත.
20මෙලෙස ඔහු සමඟ මුළු විනිශ්චය ම සාහසිකයන්ට විරුද්ධ ව යනු ඇත.
21අදින ලද දුන්නකින් ඊගස් ඉලක්කයට යන පරිදි හෙණ අකුණු සහ සැලෙන විදුලි පහර වලාකුළු පීරාගෙන අවුත් ඉලක්කය කරා යනු ඇත.
22ගල් පටියක් ද කෝපාවිෂ්ට හිම කැට විසි කරනු ඇත.
සත් සමුදුර ජලය ද ඔවුන්ට විරුද්ධ ව උදහස් වනු ඇත.
ගංගාවෝ ද අනුකම්පා විරහිත ව ඔවුන් ගොදුරු කරගන්නෝ ය.
23මහා බලවත් මාරුතයක් ඔවුන්ට විරුද්ධ ව හමනු ඇත.
කුණාටුවකින් මෙන් ඔවුන් පොළනු ලබනු ඇත.
මෙලෙස නීති විරෝධීහු මුළු පොළොව වනසන්නෝ ය.
නපුර කරන්නෝ බලවතුන්ගේ සිහසුන් පෙරළා දමන්නෝ ය.
Currently Selected:
සලමොන්ගේ ප්‍රඥාව 5: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: