YouVersion Logo
Search Icon

රූත්ගේ කථාව 2:14-23

රූත්ගේ කථාව 2:14-23 SNRV

කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය. ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න. ගොයම් මිටිවලින් ද කරල් ටිකක් ඇද දමා ඇයට අහුලාගන්නට ඉඩ දෙන්න. ඈට දොස් නොකියන්න.” මෙසේ හවස් වනතුරු රූත් කෙතෙහි කරල් ඇහුලුවා ය. ඈ අහුලාගත් කරල්වලින් ධාන්‍ය සූරා ගත්විට එය කිලෝග්‍රෑම් දහයක් පමණ විය. ඈ එය රැගෙන නගරයට ගිය විට තමා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තා දැ යි ඇගේ නැන්දම්මා දුටුවා ය. රූත් ඉතුරු කර ගෙනා ආහාර කොටස ද ඇයට දුන්නා ය. නයෝමි ඇයට කතා කරමින්, “ඔබ අද කරල් ඇහුලුවේ කොහේ ද? ඔබ වැඩ කෙළේ කාගේ කෙතක ද? ඔබ ගැන සැලකූ මිනිසාට ආශීර්වාද වේ වා!”යි කීවා ය. එවිට රූත් කාගේ කෙතක තමා එදා වැඩ කළා දැ යි දන්වමින්, “මා අද වැඩ කෙළේ, බෝවස් නම් මිනිසෙකුගේ කෙතක යැ”යි කීවා ය. එවිට නයෝමි ලේලිට කතා කරමින්, “ජීවමාන අයටත්, දැනට මිය ගොස් සිටින අයටත් වූ පොරොන්දු ඉටු කරන සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කරන සේක් වා! ඒ මිනිසා අපේ නෑයෙකි. අපේ ඇවැස්ස නෑයෙකි”යි කීවා ය. එවිට රූත් කතා කරමින්, “එපමණක් නොව, ‘ගොයම් කපා හමාර වනතෙක් සේවකයන් සමඟ වැඩ කරන්නැ’යි ඔහු මට කීවේ යැ”යි නැන්දම්මාට කීවා ය. නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය. මෙසේ රූත් බෝවස්ගේ සේවකයන් සමඟ වැඩ කරමින් සියලු බාර්ලි සහ තිරිඟු අස්වැන්න රැස් කර හමාර වන තෙක් කරල් ඇහුලුවා ය. ඇය තම නැන්දම්මා සමඟ දිගට ම ජීවත් වූවා ය.

Free Reading Plans and Devotionals related to රූත්ගේ කථාව 2:14-23