ගීතාවලිය 24:1-3
ගීතාවලිය 24:1-3 SNRV
පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳාණන් වහන්සේ සන්තක වෙති. මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය. හිමිතුමාණන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමාණන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?








