YouVersion Logo
Search Icon

ගීතාවලිය 22:1-5

ගීතාවලිය 22:1-5 SNRV

මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද? මාගේ දෙවියෙනි, දවාලෙහි මම ඔබට හඬගසමි; පිළිතුරක් නැත; රාත්‍රියේදීත් හඬගසමි; ඉස්පාසුවක් නැත. ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩ වසන සුවිශුද්ධවරයාණෝ ඔබ ම ය. අපේ මුතුන්මිත්තෝ ඔබ අදහා, ඔබ සරණ සොයා ගියෝ ය. ඔබ ඔවුන්ට මිදුම දුන් සේක. ඔව්හු ඔබට යැදුම් කළහ; මුදනු ලැබුවෝ ය. ඔබ මත විශ්වාසය තැබූ හ; ලජ්ජා නොවූවෝ ය.