YouVersion Logo
Search Icon

ගීතාවලිය 136

136
ප්‍රේම භරිත සමිඳාණන් වහන්සේ වැණුම
1 # 1 වංශා 16:34; 2 වංශා 5:13; 7:3; එස්රා 3:11; ගීතා 100:5; 106:1; 107:1; 118:1; ජෙර 33:11 සමිඳාණන් වහන්සේ හට තුති පුදන්න.
එතුමාණෝ යහපත් ය.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
2දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
3රාජාතිරජිඳුන්ට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
4අසිරිමත් දේ කරන එක ම තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
5 # උත් 1:1 ප්‍රඥාවෙන් අහස මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
6 # උත් 1:2 ජල මතුයෙහි පොළොව මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
7 # උත් 1:16 ඉර හඳ මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
8දවාල පාලනය කිරීමට හිරු මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
9රාත්‍රිය පාලනය කිරීමට සඳ හා තාරකා මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
10 # නික්ම 12:29 මිසර වැසියන්ගේ කුලුඳුලන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
11 # නික්ම 12:51 ඔවුන් අතරෙන් ඉශ්රායෙල්වරුන් පිටතට ගෙන ආ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
12ප්‍රබල බාහුවෙන් ද දිගු කළ හස්තයෙන් ද එසේ කළ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට ම පවත්නේ ය.
13 # නික්ම 14:21-29 රතු මුහුද දෙපළු කළ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
14ඉශ්රායෙල්වරුන් මුහුද මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
15පාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ ගිල්වාදැමූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
16සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
17බලවත් රජුන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
18කීර්තිමත් රජුන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
19 # ගණන් 21:21-30 අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
20 # ගණන් 21:31-35 බාෂාන්හි රජ වූ ඕග් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
21ඔවුන්ගේ දේශය උරුමකොට සිය සෙනඟට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
22සිය මෙහෙකරු ඉශ්රායෙල්ට එය උරුම කොට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
23අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
24අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
25එතුමාණෝ සව් සත හට ආහාර සපයන සේක.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
26සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න.
එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 136